ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පසු ගිය කාලයේ සිදු වී ඇති දුෂණ අක්‍රමිකතා සොයා බැලීමට කමිටුවක් පත් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
අමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වාණිජ හා කර්මාන්ත ප්රගතිශීලී සේවක සංගමයේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ වෘත්තීය සමිති නියොජිතයන් විසින් ඉදිරිපත් කල කරුණු පිලිබදව දැඩි අවධානය යොමු කර ඉක්මනින් ගත හැකි සියළු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවය.
සුදුසුකම් සම්පූර්ණ නොකරන ලද නිලධාරීන් සදහා දේශපාලන අවශ්‍යතා මත උසස්වීම් ලබා දීම.
තානාපති කාර්යාලවල කම්කරු අංශයේ නිලධාරින් පත් කිරිමේ දී සුදුසුකම් රහිත පුද්ගලයින් පත් කිරිම තුළින් සුදුසුකම් සහිත නිලධාරින් දැඩි අසාධාරණයකට ලක් කිරිම
නුසුදුස්සන් තානාපති කාර්යාලවලට පත් කර යැවීම තුළින් නැවත ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට සිදු වීම තුළ එම කාර්යාලවල කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මත විදේශ රැකියා ක්ෂේත්රය කඩා වැටීමට ඉඩ හැරීම
දේශපාලන වුවමනාවන් මත සහකාර කළමණාකාර තනතුරු හා පරිපාලන නිලධාරී තනතුරු ලබා දීමට කටයුතු කිරිම මත අසාධාරණයකට ලක් වූ නිලධාරීන් නීතී මගින් කටයුතු කිරීම තුළ කාර්යංශයේ පරිපාලනමය ගැටළුමතු වී තිබීම
තානාපති කාර්යාල වලට බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලදී ඉහළ ලකුණු ලබා ගත් නිලධාරීන් සිටිය දී අඩු ලකුණු ලබා ගත් නිලධාරීන් අදාළ පුරප්පාඩු වලට නිර්දේශ කොට අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරිම
2014 වර්ෂයේ කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වු ශ්‍රමික සංඛ්‍යාව 300,703 කි. එය 2018 වර්ෂය වන විට ලක්ෂ 2 කට වඩා අඩු වී තිබේ. වසර 4ක් තුල ලියාපදිංචි වීම් 100,000 කට වඩා අඩු වී ඇත.
කාර්යංශ මුදල් අවභාවිත කිරීම, අවාසි සහගත ගිවිසුම් යටතේ වාහන කුලී පදනම යටතේ ලබා ගැනීම, ප්රචාරක ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් දේශපාලන කටයුතු සදහා කාර්යංශ මුදල් අවභාවිත කිරිම
පුහුණුව සදහා පැවති නිති රීති වෙනස් කරමින් දින 02 ගෘහසේවිකා පුහුණුවක් හදුන්වා දෙමින් පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානය මූලික කොට ගෙන නුපුහුණු ශ්‍රමිකයන් විදේශ ගත කිරිමට ජාවාරමක් ක්‍රියාත්මක කිරිම ආදී කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටි බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.