SF වෙනුවෙන් අර්ජුන ඉල්ලා අස්වීමට සූදානම්

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීම පැවැති අතර, එහිදී අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඕනෑම අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට සූදානම් බවද එකසත් ජාතික පෙරමුණ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට අමාත්‍ය ධුරයක් ලබාදිය යුතු බව කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් යෝජනා කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාම් මන්ත්‍රීවරයා විසින් එය ස්ථිර කර ඇත. එම අවස්ථාවේදී අර්ජුන රණතුංග මහතා විසින් සිය යෝජනාව සිදුකර ඇති අතර, කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වන තමන්ට කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගෙන් අද කළ විමසීමේදී මන්ත්‍රීවරයා විසින් එම කරුණු තහවුරු කරනු ලැබූ අතර, අර්ජුන රණතුංග මන්ත්‍රීවරයාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බවද සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ පසුපෙළ මන්ත්‍රීවරුන්ද සිය අත්සන් සහිත ලිපියක් සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමටද කටයුතු සකස් කර තිබේ. අදාළ ලිපියට මේ වනවිට මන්ත්‍රීවරුන් 44 දෙනෙකු අත්සන් යොදා ඇති බවද ආශු මාරසිංහ මහතා පැවසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍ය මණ්ඩලය 30න් සමන්විය යුත අතර, මේ වනවිට එම ගණන සම්පූර්ණ වී ඇති බැවින් සරත් ෆොන්සේකා මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම්, ඒ වෙනුවෙන් කිසියම් ඇමතිවරයෙකු ඉල්ලා අස්විය යුතුව ඇත.
එලෙස ඉල්ලා අස්වීමට අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන ඕනෑම අමාත්‍යවරයෙකු සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වයට අපි යහපත්ව පවත්වාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි. සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ ඕනෑම අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙනි.
popular news
-
Lion Tuesday, 30 April 2019 09:47 AM
ඔබගේ ප්‍රකාශය අතී ස්රෙස්තෛ . ජාතිය ඔබට ගරු කරාවී මෙදෙයට . Habai සිරා TA බළකොට මෙය itu කරන්න
Reply : 68 1
Champa Tuesday, 30 April 2019 09:59 AM
මේක තමයි ලොකුම විහිළුව. ත්රස්තවාදයක් ආව ගමන් සරත් ෆොන්සේකාව ඉල්ලනවා ගෝඨාභයව ඉල්ලනවා මහින්දව ඉල්ලනවා. ලෝකය කියන්නේ එක තැන තෙයෙන දෙයක් නෙමෙයි. ලෝකය පරිණාමය වෙනවා. ඉදිරියට යනවා. ඒ යන විදිහට රටේ ජනතාවත් ඉදිරියට යන්න ඕනේ. අලුත් නායකයෝ බිහි වෙන්න ඕනේ. රටට තියෙන ලොකුම ප්‍රශ්නේ අලුත් නායකයන් බිහි නොවීම. අලුත් අදහස් නැති වීම. අලුත් සිතුවිලි අඩු වීම. එකම තැන හැමෝම නැවතිලා. තරුණයන් වල්මත් වෙලා වගේ. වැඩිහිටියන් ඔහේ කියව කියව ඉන්නවා. ලංකා ඉතිහාසය පුරාම අලුත් අලුත් නායකයෝ වෙනස් නායකයෝ බිහි වෙලා තියෙනව. වැටිච්ච හැම වෙලාවෙම කවුරු හරි නායකයෙක් බිහි වෙලා රට ගොඩ අරන් තියෙනවා. කොහොම හරි සිංහල ජාතිය නැති වෙන්න නොදී රැක ගෙන ඇවිල්ල තියෙනවා. මේ පාරත් එහෙම මහා සිංහල සංහාරයක් වෙන්න තිබුණු අවස්ථාවක්. සිද්ධ වෙන්න තිබ්බ දේවල් හරියට දන්නේ නැති නිසා මේකේ බරපතල කම හරියට තේරෙන්නේ නැහැ හුඟ දෙනෙකුට. දළදා හාමදුරුවෝ බේරුවා වගේ ජාතිවාදී කෝලාහලයක් ඇති වුනේ නැහැ. සිංහලයන් දැන් හරියට ඉන්නේ dead end එකක වගේ. මෙතනින් කොතනටද?
Reply : 0 1
ranjith Tuesday, 30 April 2019 10:36 AM
එමෙතිකම් වලට කීදර කමේ පොරකන් මේ පාර්ලිමේන්තුවට හොද ආදර්ශයක් උගත් මිනිස්සු ඉන්න එක වටින්නේ මේ නිසා පාර්ලිමේන්තුවෙන් හම්බකරන්න අරමුණෙන් යන යට මේ වැකේ කේප කිරීමක් කරන්න බේ
Reply : 0 0
Charith Wednesday, 01 May 2019 02:06 PM
පරදිනකොට පැනල යන්න හදනවා වගේ. චන්දයේදී පරදින එක නම් ෂුවර්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

