SB - RB මත ගැටුමක
පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා හා පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බද්යුදීන් මහතා අතර උණුසුම් වාග් සංග්රාමයක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.
ඒ රිෂාඩ් බද්යුදීන් මහතාට ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා චෝදනා කිරිමත් සමග මෙම උණුසුම් සංවාදය ඇතිවිය.
මෙහිදී රිෂාඩ් බද්යුදීන් මහතා ප්රකාශ කළේ තමන්ට ඉඩම් අක්කර 11000ක් ඇති බවට ඔප්පුකර පෙන්නුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවයි.
එසේ ඔප්පු කිරීමට නොහැකිවුවහොත් එස්.බී. දිසානායක මහතා දේශපාලනයෙන් ඉවත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
අනතුරුව අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ රිෂාඩ් බද්යුදීන් මහතාගේ පවුලේ අයගේ නමට මෙම ඉඩම් අක්කර 11000 ඇති බවත් ඒ පිළිබඳව ඔප්පු තමන් සතුව ඇති බවත්ය.

popular news
-
Batangala Friday, 12 July 2019 01:07 PM
මේ දෙන්නම දේශපාලනයෙන් ගොඩ ගිය මනුස්සයෝ. දැන් කිසිම දෙසපාලකයෙකුට ගරු බුහුමන් කරන්න අතරමැදි චන්ද දායකයෝ ලංකාවේ නැහැ . එනිසා ම තව ටික කලකින් කිසිම උත්සව අවස්ථාවකට දේශපාලන වහලුන් නොවන ජනතාව ගෙන්නන්න බැරි වේවි. ඉතින් තවත් මේවගේ ජඩ දේශපාලකයන්ගේ කියුම් කෙරුම් වලට මාද්ය ප්රසිද්ධියක් දෙන්නේ මොකටද? මෙහෙම අභියෝග පේ පාර්ලිමේන්තුවේ කීදෙනෙක් කීදෙනෙකුට කලාද? අන්තිමට මුන් ඔක්කොම යාළුවො ...ජනතාව මේ රඟපෑමට මුලාවෙනවා.
Reply : 0 3
dilal Friday, 12 July 2019 05:14 PM
හාමුදුරුවරු කණ්ඩායමකුත් කියකියා හිටියන රිෂාඩ් බදිඋදීන් මන්තිවරයට විරුද්දව ලිකිත සාක්ෂි තියනවා කියා .කෝ ඉදිරිපත් කලාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

