OMP නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය අනුකමිටුවක්
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අධ්‍යයනය කර සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වය යටතේ තවත් අමාත්‍යවරුන් 10 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එසේම එම අනුකාරක සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් 2018 ආගෝස්තු මස 05 වැනිදා අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
එහිදී හානි පූර්ණය සඳහා වන නෛතික වගකීම සඳහා ගතයුතු පියවරත්, එවැනි සිදුවීම් යළි සිදුනොවීමට වගබලා ගැනීමට වන නෛතික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් සිය නිර්දේශයත් ඉදිරිපත් කර තිබේ.
එසේම හානියට පත් පාර්ශ්ව වෙත මූල්‍යාධාර, ණය සහන, නිවාස සංවර්ධන, අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහන ලබාදීම, වෘත්තීය පුහුණු හා ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වන වැඩසටහන් සම්බන්ධයෙන් වන නිර්දේශද ඉදිරිපත් කර ඇත.

popular news
-
Champa Thursday, 20 September 2018 03:39 PM
OMP එක ගෙනාවේ "හංසයා" LTTE ඩියස්පොරා එකටයි TNA එකටයි දීපු චන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න. මේකෙ කලේ හමුදාවට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරන්න අවස්ථාවක් දීපු එක. නිකම්ම පිළිගත්තා කියන දේවල්. OMP එකේ සභාපති කලින් HR Lawyer කෙනෙක් විදිහට වැඩ කරපු මිනිහෙක්. මේකේ සංයුතිය තනිකර පක්ෂපාතියි. ඒ කාලේ මුලින් මේක දාන්න කලින් ඉඳන්ම මේකෙන් හමුදාවට කරන අගතිය ගැන ලිව්වා. මේ කියන මිනිස්සු අතුරුදහන් කියලා ඔප්පු කරන්න කිසිම සාක්කියක් නැතුව හානි වුනා කියන්නේ කොහොමද? නෛතික වගකීම ගන්නේ කොහොමද? ඔය අතුරුදහන් වුනා කියන මිනිස්සු ඔක්කොම ජීවත් වෙනවා පිටරටවල. ඒ ගැන OMP එක හෙව්වේ නැහැ. OMP එක දැම්මේම බොරු චෝදනා ඇත්ත කියල පිළිගන්න අවශ්‍ය කරන තත්වය හදලා දෙන්න. දැන් නිකම්ම පිලිගත්ත ඒ කියන ඔක්කොම හරි කියලා. අනිත් එක ඔය ඉන්න අනිත් සිවිල් commissioners ලා ඕකට පත් කරන්න ඉස්සෙල්ල NGO වලින් පඩි අරන් හමුදාව මානව හිමිකම් කඩ කළා කියන මතයේ ඉඳගෙන මිනිස්සු එක්ක වැඩ කරපු අය. අනිත් එක සාක්කි දෙන මිනිස්සුනට ඒවා හදල දුන්නෙත් එගොල්ලොමයි. මේකෙන් හමුදාවට විශාල අගතියක් වුනා. අතුරුදහන් වූවන් අද ඉන්න රටවල් ගැන හෙව්වේ නැහැ. Cont'd ..2
Reply : 0 0
Champa Thursday, 20 September 2018 03:52 PM
Tamils migrated in 100K from 2007 to 2010. 1). According to “ICG 2010
Reply : 0 0
Champa Friday, 21 September 2018 12:05 AM
Tamils migrated in 100K from 2007-2010. (1). According to - ICG 2010
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
