නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් චීනය ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපෘති පිළිබඳව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනා මේ වන විට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් දිනාගෙන ඇති මතෘකාවක් බවට පත්ව ඇත.
එම ලිපිය ලියූ මාධ්‍යවේදිනිය වන මාරියා අබි හබීබ් මහත්මිය, මාක් ඩැනිස් නම් පුද්ගලයෙක් මෙන්ම කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන සේනානි සමරනායක මහත්මිය අතර ට්විටර් ගිණුම් හරහා මත ගැටුම් ඇතිකර ගනිමින් සිටියි.
සේනානි සමරනායක මහත්මිය චෝදනා කරන්නේ මෙම ලිපිය ලියූ මාධ්‍යවේදිනිය සමග නියම ජනමාධ්‍යවේදීන් නොවන බවත් ඔවුන් ගෙවීම් ලබන දේශපාලන ක්‍රියාකාරීන් වන බවයි. එසේම ඔවුන් සමග විවෘත සංවාදයකට වුවද තමන් සූදානම් බවයි.
මේ සංවාදයට එක්ව තිබෙන මාර්ක් ඩැනිස් නම් ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙක් පවසන්නේ මාරියා අප්‍රේල් මාසයේදි කොළඹ ප්‍රධාන හෝටලයකදී රජයේ ඉහළ නිලධාරීන් හමුවූ බවත් එමෙන්ම ප්‍රධාන පෙළේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනෙක්ද ඇය හමුවූ බවත්ය.
එයට පිළිතුරු දෙන මාරියා පවසන්නේ එය සත්‍යයක් බවත් ජනමාධ්‍යවේදිනියක් ලෙස රජයේ නිලධාරීන් මෙන්ම චීනයේ සී.එම්. පෝර්ට්ස් සමාගමේ නිලධාරීන්ද හමුවූ බවත් පිළිතුරුදීමට කැමැත්තක් තිබුණා නම් රාජපක්ෂවරුන් හෝ හමුවීමට සූදානම්ව සිටි බවයි.




