ජාතික තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ නොයෙකුත් ආකාරයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියට ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන සිදුකර සැකකරුවෙකු ඊයේ (01දා) දෙහිවල පොලිස් වසමේදි අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 53ක් වන කවුඩාන පාර, දෙහිවල ලිපිනයේ පදිංචි මොහොමඩ් සහීන් නසූර්දීන් යන අය වෙයි.
සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන හොරොව්පතාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
