NOTA විකල්පය 2025දීවත් දාන්න වෙනවා
ඉදිරියේදී ඡන්ද විමසීම් පවත්වන විට 'වන ඉහත කිසිවෙක් නොවේ' (NOTA) යන විකල්පය 2025 වසර වන විට යොදා ගැනීමට සිදුවෙනු ඇති බවත් එසේ නොවුණ හොත් ජනතාව ඡන්දය පොළට ඡන්ද ප්‍රකාශ කිරිමට පැමිණීම අඩු වෙනු ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
අද (15දා) පෙරවරුවේ ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සාමාජිකයන් හා පැවැති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
“මේ ඡන්ද නීති ආරක්ෂා කළේ නැත්නම් NOTA (None of the above/ ඉහත කිසිවෙක් නොවේ) යන විකල්පයට යන්නම වෙනවා. අපි ඒක දේශපාලන පක්ෂ එක්ක කථා කළා. අපිට මේක ඉක්මනට කරන්න ඕන. මගේ අදහස 2025 ඡන්ද විමසීම එනවිට දාන්නම වෙනවා.
ඡන්දයට එන ගානේ මේ ජනපතිවරණයේදී තිබෙයි. එතනින් එහාට මිනිස්සු ඇඳලා තමයි ගේන්න වෙන්නේ. සියයට 60ට බහිනවා (ඡන්දය ප්‍රකාශ කිරීම) දැන් තරුණයෝ කියලා එවනවා ‘අපි ඡන්දය දාන්න එන්නේ නෑ. අපේ නම ලියන්න එපා’ කියලා.
දැන් ඡන්ද නාමලේඛණයට නම දාන්නේ තමන්ගේ ළමයි පාසල්වලට දාන්න ඕන නිසා. නොදැම්මාම ඕන කණ්ඩායම ඡන්දය ලියාගෙන ඒ අය පත්වෙලා ඒ අය රට පාලනය කරාවි.
එය වළක්වා ගන්න පුළුවන් මාධ්‍යයට පමණයි. අපේ රටේ මිනිස්සු දකින දේ, අහන දේ විශ්වාස කරනවා.
දැන් කියනවා පාර්ලිමේන්තුවේ 225ම එහෙම නැත්නම් 226ම එපා කියලා. අපේ ක්‍රිකට් ටීම් එක නරක විදිහට පරාජය වුණා කියාලා. අපේ ක්‍රිකට් කණ්ඩායමට විරාත් කෝලි, ජොස් බට්ලර්, ඩුප්ලෙසි, ශකිබ් අල් හසන්, කේන් විලියම්සන් දාලා ගහන්න බෑ. අපේ රටේ අයගෙන් කණ්ඩායම හදන්න ඕන.
ඒක නිසා දේශපාලඥයින් වැරදියි කියලා ඒ අය එලවන එක බෙහෙතක් නෙමෙයි. අපි ඒ අය හදාගෙන එන්න ඉන්න අයත් හදන්න ඕන. දේශපාලඥයෝ කියන්නේ කලු යක්ෂයෝ කියන එක මට හදන්න පුළුවන්. ”

popular news
-
Deepal Nirosh Wednesday, 17 July 2019 10:06 AM
යෝජිත විකල්පය සැබෑ ප්‍රශ්නයට විසඳුමක් නොවෙයි. වත්මන් තරුණ පරපුර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්රවනතාව අඩු වෙමින් පවතින්නෙ ඔවුනට රට ජාතියක් ගැන ඇති හැඟීම් හීනවීම අනාගතයේ විදේශගත වීම ඉලක්කගතව සිතීම වැනි කාරණා නිසා මිසක ඡන්ද අපේක්ෂකයින් / දේශපාඥයින් පිළිබඳ හුදෙක් කලකිරීමක් නිසා නොවෙයි. කළ යුත්තේ වත්මන් හා ඉදිරි තරුණ පරම්පරාව ජාතිමාමකව සිතන පතන දේශාභිමානී පිරිසක් ලෙස හැඩගැස්වීමේ වැඩ පිළිවලක් ක්‍රියාවට නැංවීමයි. ඒසේ නො මැතිව ප්රශ්නය මැදින් පමනක් ගෙන ඡන්ද පත්රිකාවයට "ඉහත කිසිවෙක් නොවේ“ පේළිය ඇතුළත් කළොත් එය එදා “පුංචි පවුල රත්රන්“ තේමාව ප්‍රචලිත කළා හා සමාන වේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

