MS හා MR අතර සාකච්ඡාවක් මගේ නිවසේ තිබුණේ නෑ - SB
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
තම නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පමණක් පැවති බවත් එයට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සහභාගී වු බවද එස් බී දිසානායක මන්ත්‍රීවරයා සිය නිවේදනයේ සඳහන්කර තිබේ.
එසේ උවද ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙම භෝජන සංග්‍රහයට සහභාගී වුවේද නැතිද යන්න එම නිවේදනයේ සඳහන් කර නොමැත.
මගේ නිවසේ පැවැත්වූ බව පවසන විශේෂ සාකච්ඡාව
වත්මන් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර මගේ නිවසේ කිසිඳු සාකච්ඡාවක් පැවැත්වුයේ නැති බව මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.
එහෙත් මගේ නිවසේ පැවැත් වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ බව නම් සත්‍යයකි.
එහිදි කිසිදු විශේෂ දේශපාලන සාකච්ඡාවක් සිදු නොවූ අතර එදින සහභාගී වී සිටි අනිකුත් මන්ත්‍රීවරුන් සමග හුරු පුරුදු ලෙස රටේ පවතින ආර්ථික අර්බුධය හා අනාරක්ෂිත බව ගැන සාමාන්‍ය කථා බහක් ඇති විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

