MR නම භාවිත කරමින් කප්පම් ඉල්ලීමේ ජාවාරමක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිත කරමින් කප්පම් ඉල්ලීම, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරිම හා විවිධ ගනුදෙනු ඇතුළුව නීති විරෝධී හා අයථා කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වී තිබේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම නමට සමාන නමක් ඇති පුද්ගලයෙක් මෙසේ තම නම භාවිත කරමින් මේ ආකාරයට කටයුතු කරන බවයි.
මීට ආසන්නතම සිද්ධිය වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යොදාගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ හිමිනමකගෙන් කප්පම් ඉල්ලීමට තැත්කිරීම බවත් රොහාන් වැලිවිට මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ සම්බන්ධයෙන් හොමාගම පොලීසියට පැමිණිල්ලක් දමා ඇති බවත් මෙවැනි සිදුවීම් වාර්තා වෙන්නේ නම් 077-1500500 දුරකතන අංකයට කථා කොට විස්තර ලබාදෙන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

popular news
-
rocky Wednesday, 03 October 2018 06:44 PM
ඔය නම භාවිත කරමින් විදේශ නය ගහන්න තවම කවුරුවත් ඉදිරිපත් වෙලා නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

