MR ගේ ව්‍යාපෘතියක ගැටලු JO මන්ත්‍රී කියයි
රටම විරෝධය දක්වන විට නොරොච්චේලේ තාප බලාගාරය පුත්තලමේ ඉදිකළ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා පැවසීය.
ඊයේ (10දා) සවස පුත්තලමේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය. පසුගියදා පුත්තලම ආරුවක්කාඩුහි ඇති වූ විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔහු මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේදී නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකළ අතර, මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට නායකත්වය දෙන්නේද මහින්ද රාජපක්ෂ මහතාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සනත් නිශාන්ත පෙරේරා මහතා,
“පාඨලී චම්පික ඇමතිවරයාට අපි ආරාධනය කළේ මේ ප්රශ්නය සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ග්‍රාමීය නායකයන් සමග සාකච්චා කරන්න කියලයි. නමුත් ඇමතිවරයා සාකච්ඡාවට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් සාමකාමී විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඒ විරෝධතාවයට ඇමතිවරයා ප්‍රතිචාර දක්වා තිබෙන්නේ පළිගැනීමේ චේතනාවෙන්. අපි පාඨලී ඇමතිවරයාට කියනවා මේ පළිගැනීමේ වැඩේ කරුණාකරලා නවත්වන්න කියලා.
මේ රටේ ඉන්න ඇතැම් අය හිතා ගෙන ඉන්නවා පුත්තලම කියන්නේ කුණු දාන තැනක් තියලා. ඒ නිසා තමයි රටට එපා කියන ව්‍යාපෘති අපේ දිස්ත්‍රික්කයට තල්ලු කරන්නේ. මේ චෝදනාව මම කරන්නේ එක්සත් ජාතික පක්ෂට පමණක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය හිතාගෙන ඉන්නේ පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ කුණු වළක් කියලා.
ඒ නිසා තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ඇමෙරිකන් හඬ මුළු රටම එපා කියද්දී පුත්තලමට ගෙනවිත් සවි කරන්නේ. ඒ වගේම තාප බලාගාරය රටේ කොතැනකටවත් එපා කියලා ජනතාව විරෝධතා දක්වන විට නොරචෝලේ ගෙනවිත් ඇටෙව්වා. මේ වන විට පුත්තලමේ ජනතාව තාප බලාගාරය හේතුවෙන් විශාල පීඩාවකට පත්වී සිටිනවා. ධීවරයන්ට මුහුදු යන්න බැහැ. ගල් අගුරු අළු ගසා ගෙන ඇවිත් කල්පිටියේ කෘෂිකර්මාන්තය විනාශ කරන්න පටන් අරගෙන තිබෙනවා.
පාඨලී ඇමති තුමාට අපි කියනවා එතුමා එන්නේ පාට් එකෙන් නම් අපි ඒකට සූදානම්. පොලීසිය හෝ හමුදාව නෙමෙයි කා එක්ක ආවත් ඊට වඩා ජන බලය ලොකුයි කියලා පෙන්වන්න පක්ෂ පාට ජාති ආගම් බේදයකින් තොරව අපි සූදානම් කියලා කියන්න කැමතියි” යැයි පැවසීය.
කරුවලගස්වැව ජයසේන

popular news
-
Champa Wednesday, 12 September 2018 12:48 AM
රාජපක්ෂ ආණ්ඩුව කාලේ කරා කිව්වට ඒක හිටපු ජනාධිපතිතුමාගේ වැඩක් නෙමෙයි. ඕකේ සම්පූරණ වගකීම ගන්න ඕනේ එවකට හිටපු බලශක්ති ඇමති ඉංජිනේරු පාටලී චම්පික රණවක. ඒ ගැන තත්ත්ව පරීක්ෂණ වාර්තා පරිසර වාර්තා හැම එකම හරි කියලා recommend කලේ එයා. හිටපු ජනාධිපතිතුමා රනිල් වගේ තනි තීරණ ගත්තේ නැහැ. එතුමා හැම එකම කැබිනට් එකට දාල කැමැත්ත අරන් කලේ. මුළු කැබිනට් එකම කැමති වුනු නිසා තමයි ඒ කාලේ ව්‍යපෘති කලේ. මමත් තාප බලාගාර වලට එකඟ නැහැ. නමුත් විදුලි ඉංජිනේරුවෝ තමයි ඒ කාලේ කිව්වේ ඕ වගේ එකක් නැති වුනොත් රටට විදුලිය දෙන්න විදිහක් නැහැ කියල. ඇතුළෙන්ම දැන් විවේචන එන්නේ මොකොද කියලා අපිට තේරෙනව. හිටපු ජනාධිපතිතුමා, ඔබ මේක බැලුවොත් කියලයි ලියන්නේ, කිසි දෙකට කලබල වෙන්න එපා. කවුරු නැතත් ඔබට ජනතාව ඉන්නවා. මම සති දෙකකට විතර උඩ CT එකට ලිව්වා ඔබට අන්තිමට one man show එකක් තමයි කරන්න වෙන්නේ කියලා. ඉවසගෙන ඉන්න. ඔබට අවශ්‍ය උදව්ව වෙලාවට ලැබෙයි. හිත සතුටින් ඉන්න.
Reply : 14 0
athura Wednesday, 12 September 2018 10:37 AM
තනි තීරණ ගන්නේ නැහැ.පවුලේ කට්ටියගෙන් අහල තමයි තීරණය ගත්තේ.
Reply : 1 0
suranga Wednesday, 12 September 2018 08:31 AM
උබල දැන් ගේන ගේන වියාපෘති වලට විරුද්දවෙයල්ලා.පෙළපාලි විගඩම ඉවරටේම ඉවර උනනිසා.හොරණත් අන්න විදුරගේ රගපෑමක් ඊයේ තිබුන.කාපල්ලා රට නැතිවෙන්නම.
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

