MR GR SF ඇතුළු පිරිසකට නඩු පැවැරීමේ සූදානමක් - මිලින්ද
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආර්. ගුණතිලක, ඩබ්. වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ට එරෙහිව මනුෂ්‍ය සංගාර චෝදනා යටතේ විදේශීය අධිකරණ තුළ නඩු පැවැරීමේ සූදානමක් ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය නීතිඥයින් විසින් නීතිඥ සිවානි තියාගරාජා මහත්මියගේ මූලිකත්වය යටතේ මෙසේ නඩු පැවැරීමට කටයුතු කරමින් තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
#British and #US lawyers of the Tiger Diaspora led by Lawyer Sivani Thiyagarajah prepare to file Genocide charges in overseas Courts against former President @PresRajapaksa, Secretary @GotabayaR, and Armed Forces' Commanders S Fonseka, R Goonetilleke and W Karannagoda #SriLanka
— Milinda Rajapaksha (@milindarj) December 23, 2018
popular news
-
ROCKY Monday, 24 December 2018 05:49 AM
මොකටද කලබල වන්නේ? වරදක් කරලා නැත් නම් ඉදිරි පත් වෙලා තම තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරලා චෝදනා වලින් නිදහස් වෙන එකනේ තියෙන්නේ! එහෙම නැතුව උසාවිය මග හරින්න උප්පරවෙට්ටි දානකොට අපිටත් සැක හිතෙනවා විසේශයෙන්ම ගෝටාගේ, මහින්දගේ කැරැට්ටුව ගැන! ලසන්තා .. තාජුඩීන් .. එක්නැලිගොඩ .. වගේ කේස් එහෙමත් තියනවා නේ?
Reply : 0 0
Champa Monday, 24 December 2018 02:28 PM
Rocky ඔය කතාව රනිල්ටත් අදාලයි. මහා බැංකු හොරකම වෙනුවෙන් රනිල්ටත් නඩු පවරන්න ඕනේ. එතකොට එයාටත් පුළුවන් උසාවී ගිහින් තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න. මොකොටද බය වෙන්නේ නේද? එහෙම නැතුව උසාවිය මග හරින්න උප්පරවෙට්ටි දානකොට අපිටත් සැක හිතෙනවා
Reply : 0 0
rocky Monday, 24 December 2018 05:54 AM
ඒකත් හොඳයි. මෙහෙදී ඇහෙන්නේ නැති නඩු එහෙදිවත් හරියට ඇහෙයි නේ! මිනීමැරුම්, අතුරුදන් කිරීම්, හොරකම්, වංචා, පිල්ලි ගැහීම් ආදී අපරාධ නඩුත් ඒ ගොල්ලන්ටම භාර දුන්නොත් වඩාත් හොඳයි.
Reply : 0 0
Nandana Thursday, 27 December 2018 10:37 AM
Champa වහල් බවෙන් මිදෙන්න, පුද්ගල ගාතන එකක් සොරකම තවෙකක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

