MCC ආයතනය නව රජය ගැන අධික්ෂණයට තීරණය කරලා - මංගල
නව රජය එම්.සී.සී. ගිවිසුම අධ්‍යනය කිරීමට කාලය අවශ්‍ය බවට දන්වා තිබියදී ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඊයේ රැස්වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවේ නව රජයේ කාර්ය සාධනය සළකා බැලීම සඳහා තව දුරටත් කාලය අවශ්‍ය බවට තීරණය කර ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා ඉඩම් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ලබාදීමට නියමිතය.
මේ සඳහා ගිවිසුමක් අත්සන් කළ යුතුව ඇති එය පසුගිය ජනපතිවරණ සමයේදී ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.
While the GR regime asks for more time to review agreement, the MCC Board which met in Washington DC yesterday had reportedly decided they need time to monitor the new government's performance.
— Mangala Samaraweera (@MangalaLK) December 10, 2019
popular news
-
Champa Tuesday, 10 December 2019 08:20 PM
එල! එහෙම හරි නවතිනවා නම් හොඳයි. ඒ මොකොද කිව්වා නම් දැන් දැන් එදා දේශප්‍රේමියොත් දේශද්‍රෝහියෝ වේගෙන එන හින්ද සහ ලංකාවේ පලවෙනි (ඇමරිකන්) පුරවැසියා කවදාවත් MCC හෝ SOFA ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල පොරොන්දු වුනේ නැති හින්ද.
Reply : 0 0
tution ගුරා Wednesday, 11 December 2019 04:24 AM
MCC එකෙන් සල්ලි ඉල්ලලා අයදුම් කලේ - 2014 පමණ මහින්ද ගේ ආණ්ඩුවෙන් MCC එකේ සල්ලි අනුමත වුනේ - 2015 පස්සේ රනිල්ගේ / මෛත්‍රී ගේ ආණ්ඩු කලේ MCC එකට විරුද්ධ උනේ බිල්ලෝ මුවේ - ගොටගේ චන්දෙ වෙනුවෙන් පොහොට්ටුවේ ය MCC එක අත්සන් කිරීම කල්දම්මේ - පහුගිය ආණ්ඩුව චන්දෙ නිසා කොල්ලොයි බල්ලොයි ඔක්කොම බිල්ලෝ මුව නිසා, ඇත්තට වැඩ බොරුව පීනලා (විශේෂයෙන් විමල්, ගම්මාන පිල හා tution ගුරා) MCC ගිවිසුමේ සල්ලි වලට කෙල හලන්නේ - දැන් වර්තමාන ගොට / මහින්ද ආණ්ඩුව . කස කාරයෝ (ගම්මන්පිල) දැන් එකේ අපූරු හොද කියවනය. කලින් හාමුදුරු වරු අන්දලා කඩේ උපවාස කෙරුව. විමලය් හා ජනනාත් tution ගුරා තමා මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේලවත් නිස්කාරනේ උපවාස සාදය තල්ලු කලේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

