MCC ගිවිසුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකාවේ අවධානය
මිලේනියම් චැලේනජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බලපොරොත්තු වන බව දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියක වන ඇලිස් ජේ වෙල්ස් මහත්මිය සඳහන් කරයි.
මේ හරහා ඉඩම් ලියාපදිංචි කිරීමේ හා මාහා මාර්ගයන්හි ප්‍රතිසංස්කරණ සිදුවෙනු ඇති බවත් ඇය සඳහන් කරයි.
“අපිට තවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමක් තිබෙනවා. අපි ළඟදීම ශ්‍රී ලංකාවේ එය දියත් කරනවා. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීමේ හා මහා මාර්ග ප්‍රතිසංස්කරණයන් සිදුවෙනු ඇත. මේ හරහා ආර්ථික සංවර්ධනයේ දොරගුළු විවෘත වෙනු ඇත.” යැයි ඇය සඳහන් කරයි.
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර පැවැති සංවාදයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඇලිස් ජේ වෙල්ස් මහත්මිය ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපතිවරියක්ද වෙයි.
පසුගිය ජනපතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම පිළිබඳව දැඩි අවධානයක් යොමුවූ අතර එම ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියක් සහිතව සම්මත කිරීමට එවකට පැවැති රජය තීරණය කළේය.
පසුගියදා සිය ධුරයේ වැඩ භාර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙම ගිවිසුම අත්සන් නොකරන බවයි.
එම්.සී.සී. ගිවිසුම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර එය ලබාගැනීමට ප්‍රථමව ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබේ.

popular news
-
Champa Wednesday, 27 November 2019 05:33 PM
හා හා හා දැන් බලන්න පුළුවන් රටට හිතැති, නියම දේශප්‍රේමී, දේශමාමක ශ්‍රී ලංකා පුරවැසියෝ කවුද කවුද කියල. මේ දවස්වල කතාවක් ඇහුන ගිවිසුමේ ඉඩම් කොටස නරකයි, හැබැයි පාරවල් හදන කොටස හොඳයි. මහත්වරුනි, බලය නැතිකොට එක විදිහකුයි බලය ලැබුනහම එක විදිහකුයි විදහට වචන වෙනස් කරන්න එපා. ගිවිසුම කොටස් වශයෙන් වෙන් කරන්න හදන්න එපා. MCC ගිවිසුම මුළුමනින්ම ප්‍රතික්ෂේප කල යුතුයි. චන්දෙට ඉස්සෙල්ල මේ ගිවිසුම ගේනන හදනවා නම් මුළු රටම ඊට ප්‍රතික්‍රිය දක්වන්න ඕනේ. කෙලින් වචනයක් නැත්නම් ඒ කියන්නේ පාර්ලිමේන්තු බලය ඇරගෙන මේක ක්‍රියාත්මක කරනවා කියන එක. ඒ හින්ද හොඳ සිහි කල්පනාවෙන් ඊළඟ චන්දෙට යන්න ඕනේ.
Reply : 0 0
නිස්සංක Thursday, 28 November 2019 05:44 AM
ලංකාව මොවුන්ගේ යටත් විජිතයක් නොවන බව ඔවුන් තේරුම් ගත යුතුයි. දියාගෝ ගාසියාව නැති උනාට ලංකාව පලි නැහැනේ. මේක ක්‍රියාත්මක උනොත් ලංකාවම අවිස්සෙනවා. කව්රු ලගට ගත්තත් ඇමරිකාව නම් ලගට ගන්න එපා.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

