MCC ගිවිසුම තාවකාලිකව අත්හිටුවයි
මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරිම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට සිවු  පුද්ගල කමිටුවක් පත් කිරිමටයි කැබිනට් මණ්ඩලය ඊයේ (18) තීරණය කර ඇත්තේ.
කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කර සිටියේය.

 
popular news
- 
                            Don Thursday, 19 December 2019 06:30 PM ඇයි තාවකාලිකව? යකා සදහටම එලවන්න. යකා ගැන හොයන්න පත්කරන්න අවශ්‍යම පුද්ගලයා විමල් වීරවංශ. Reply : 0 0 Champa Friday, 20 December 2019 06:45 PM දැන් ඔක්කොම කණපිට. වහල් ආණ්ඩුවෙයි වධක ආණ්ඩුවෙයි වෙනසක් නැහැ. මිනිස්සු අවුරුදු 5ක් තිස්සේ වහල් ආණ්ඩුවට විරුද්ධව සටන් කලේ තමන්ගේ සටන් පාඨ මේ විදිහට පාවල දෙනවා දකින්න නෙමෙයි. මිනිස්සු චන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන්. නැතුව වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි. එදා කියපුවට හාත්පසින්ම වෙනස් දේවල් දැන් කරන්නේ. වහල් ආණ්ඩුව විකුනපු මාගම්පුර වරාය චීනේ එක්ක සාකච්චා කරලා ආපහු රටට හිමි කරලා දෙනවා කිව්වා. දැන් කියනවා එහෙම සාකච්චාවක් කරන්නේ නැහැ කියල. කිව්වා ගමන් චීනෙත් ඒකට හැරෙන තැපෑලෙන් හුරේ දැම්ම. ඊළඟට මුළු රටම විරුද්ධව වෙච්ච MCC එක අත්සන් කරනවා කිව්වා. දැන් කියනව තාවකාලිකව නවත්තල් කියල. තනිකරම රටයි ජාතියයි පාවා දීමක්. ඊළඟට මුළු රටටම අපකීර්තියක් ගෙනල්ල දරුවෝ තුන් දෙනෙක් ඉන්න ද්‍රවිඩ කාන්තාවක් හිරේ දාල පිස්සන් කොටු ගෙනහල්ල වධ දෙනවා පැහැර ගෙන ගියපු එක ගැන පැමිණිකල එකට. මුළු ලෝකෙම බලා හිටපු ජනාධිපතිවරණයක් ඉවර වෙලා යන්තම් සතියක් ගියා විතරයි හිට්ලර් කියලා හැමෝම කියපු බලවත් ජනාධිපතිවරයෙක්ට සහ ආණ්ඩුවකට විරුද්ධව ද්‍රවිඩ කාන්තාවක් බොරු කතාවක් ගොතන්න ඉදිරිපත් වුනා කියන එක convince කරන්න හුඟක් අමාරු වැඩක්. Reply : 0 0 Dayan Wednesday, 25 December 2019 07:20 PM MCC ගිවිසුමේ තියෙන ඉඩම් වලට අදාල කාරණා ඉටු කිරීම පිණිස කැබිනෙට් පත්‍රිකාවක් පහුගිය දවස්වල ඉඩම් ඇමති අනුමත කරවා ගත්ත බව ආරංචි. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                