JMI ක්රියාකාරීන් තිදෙනෙක් අත්අඩංගුවට
තහනම් කළ අන්තවාදී සංවිධානයක් ජමාතේ මිල්ලතේ ඊබ්රහිම් සංවිධානයට සම්බන්ධ ක්රියාකාරී අන්තවාදීන් තිදෙනෙක් අම්පාර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මොහොමඩ් කාසිම් මොහොමඩ් අකීල් හෙවත් අබු සුලෙයිමාන්, හිස්බුල්ලා ඛාන් හුස්මි අහමඩ් නොහොත් අබු හම්ඩා, අබ්දුල් හලීම් මොහොමඩ් නොහෙත් අබු හිජනා යන මාවනැල්ලේ පදිංචි සැකකරුවන් තිදෙනෙකු මෙසේ අද (15දා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අතරින් මුලින් සඳහන් කළ දෙදෙනා සහරාන් විසින් පවත්වාගෙන ගිය නුවරඑළිය කඳවුරේත් අනෙක් පුද්ගලයා හම්බන්තොට කඳවුරේත් පුහුණුව ලබා තිබේ.
අම්පාර පොලිස් අධිකාරි අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරික්ෂණ පවත්වන අතර මේ මන විට JMI 12 සංවිධානයට සම්බන්ධ අන්තවාදීන් 12ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් සැකකරුවන් 9 ක් අම්පාර පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටන අතර අනෙක් තිදෙනා ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන සිටියි.

popular news
-
Deepal Nirosh Friday, 16 August 2019 08:58 AM
ත්රස්තවාදයට සම්බන්ධ සියළු සැකකරුවත් දැන් අත්අඩංගුවට ගෙන හමාරයි කියල රටේ අග්රාමාත්යවරයා ප්රකාශ කරල තියෙද්දිත් ඊට පිටුපාල ක්රියාකරන බුද්ධි අංශ නිලධාරිනුත් ඉන්නවනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

