ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ වසර 25ක් පැරණි Internet Explorer වෙබ් බ්‍රවුසරය ලබන අගෝස්තු මස 17දා සිය අවසන් ගමන යන බව ඊයේ (19දා) නිල වශයෙන් නිවේදනය කෙරුණි.
අන්තර්ජාලය තුළ ලෝකයේ සුවිශේෂී පෙරලියක් ඇති කළ වෙබ් බ්‍රවුසරයක් ලෙස Internet Explorer මේ ආකාරයෙන් නවතා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර ඇත. ඉතිරි මයික්‍රොසොෆ්ට් යෙදුම් 365 සහ සේවාවන්ද ලබන වසරේදී බ්‍රවුසරය සඳහා වන සහාය අවසන් කරනු ඇත.
වර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.
නමුත් මෙම වසරේ නොවැම්බර් 20දා සිට තමන් ඊට දක්වන තාක්ෂණික සහායන් නවතා දමන බව මයික්‍රොසොෆට් සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
ඒ වෙනුවට 2015 වසරේදී සමාගම මගින් හඳුන්වා දුන් Microsoft Edge වෙබ් බ්‍රවුසරය පරිශිලකයන් අතර ප්‍රචලිත කිරිම ඔවුන්ගේ සැලසුම වී ඇත. Google Chrome සඳහා ගූගල් විසින් සංවර්ධනය කරනලද Chromium open-source මෘදුකාංග මත Microsoft Edge වෙබ් බ්‍රවුසරය ක්‍රියාත්මක වන අතර, එය Internet Explorer අභිභවන විශේෂාංග ලබාදෙන බවද කියයි. Chromium භාවිත නොකරන Edge හි පැරණි සංස්කරණයක් පවතින අතර, එය 2021 මාර්තු 9 වැනි දින ඉවත් කිරීමට නියමිත බවද මයික්‍රොසොෆට් සමාගම වැඩිදුරටත් නිවේදනය කරයි.