IOC පෙට්‍රල් මිල වැඩිවීමෙන් පෙට්‍රල් වාහනකරුවන්ට දැඩි අසාධාරණයක්

සංස්ථා පෙට්‍රල් ලීටරයක මිලට වඩා ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් ලීටරයක මිල ඉහළ අගයක පැවතීම හේතුවෙන් යතුරුපැදිකරුවන් ඇතුළු පෙට්‍රල් වාහනකරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එබැවින් පවතින විෂමතාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස විෂය භාර අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගෙන් ඊයේ (07දා) දින ලිඛිතව ඉල්ලා සිටි බව එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
එසේම එකම භාණ්ඩය මිල ගණන් දෙකක් යටතේ අලෙවි කිරීම පාරිභෝගිකයන්ට සිදුකරන අසාධාරණයක් බවත්, මේ නිසා රජය නියම කර තිබෙන මිලට භාණ්ඩ අලෙවි කිරීම සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 138කට අලෙවි කරන විට, ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 147කට අලෙවි කරන බවත්, සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 164කට අලෙවි කරන විට, ඉන්දියන් ඔයිල් සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කට අලෙවි කරන බවත් රංජිත් විතානගේ මහතා පැවසීය.
ආයතන දෙකේම ඉන්ධන අලෙවිසැල් එකම නගරයක තිබෙන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවත්, මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.
popular news
-
wicky Monday, 08 July 2019 12:19 PM
පිස්සු වැඩක්.IOC උනත් අන්තිමට තෙල් දෙන්නේ කනිජතෙල් සංස්ථාවෙන් නම් මොන මගුලක්ද.92කියල කියන එව්වයේ 92ක් නැහැ. ඊට අඩුයි. 95 කියන එකේ 92ක් වත් ඇති අඩුම ගානේ. මුන් මෙවට්ට ඉඩ දෙනව්ව උන්ට ගැන ලැබෙන තාක් කල්.. ඔච්චරයි මේ සිරිලංකාවේ තත්වේ. මේකෙන් යන එක තම දැන් තියෙන හොදම විසදුම. මේ කුප්පාහි ආණ්ඩුවටයි, මැති ඇමති වරුටයි අඩුම ගැනේ බදු නොගෙවා ඉන්න puluwan
Reply : 0 0
චමින්ද Monday, 08 July 2019 02:37 PM
ඉතින් කරන්න තියෙන්නේ ඉන්දියන් ඔයිල් සමාගම ටික කලකට වර්ජනය කලොත් ඔවැනිදේ නතරකරන්න පුළුවන්වේවි නමුත් අනෙක් සමහර පිරවුම් හල්වලිනුත් සාධාරණයක් වෙනවා කියා හිතන්න එපා.කොළඹ රත්නපුර පාරේ එක් පිරවුම් හලක යම්කිසි මුදලකට ඉන්ධන ඉල්ලුවාම මුදල සටහන්කර ඉන්ධන පිරිවීම කරනවා.නමුත් අවසානයේ විනාඩියක් දෙකක් තිබියදී පොම්පය නතරවී මීටරය පමනක් වැඩකරනවා. නමුත් ටැංකිය පුරවා ඉන්ධන ඉල්ලුවාම එය වෙන්නේ නැහැ එවැනි පිරවුම්හල් වලිනුත් ඔය කියනවාටත් වඩා අසාධාරණයක් වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

