GSP ප්ලස් සහනය ගැටලුවක?
ශ්රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය පිළිබඳව නැවත සළකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
එම සහනය ලබාදීමේදී ශ්රී ලංකාව එකඟවූ කරුණු ඉටු නොකරයි නම් එම සහනය ඉවත් කර ගැනීම පිළිබඳව සළකා බලන බව යුරෝපා සංගමයේ ශ්රී ලංකා තානාපති තුන්ග් ලායි මාගී රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
ශ්රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. රොයිටර් පුවත් සේවය පවසන්නේ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමට ගත් තීරණය පිළිබඳව යුරෝපා සංගමය නොසතුටෙන් සිටින බවයි.

popular news
-
prem Saturday, 03 November 2018 09:46 AM
අපි ලාංකිකයෝ ජේසු තුමා අදහුවනම් ජීඑස්පී සුවර්
Reply : 20 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

