GMOA හෙට වර්ජනයකට
විධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා හෙට (18දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ කැබිනට් පත්‍රිකාවට අද (17දා) අනුමැතිය ලබා දී නොමැති වුවත් ලබන 24 වැනි දින කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත වීමට ඉඩ තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එදිනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුවහොත් 25 වැනි දින උදේ 08.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවද කියා සිටියේය.

popular news
-
Dayan Tuesday, 17 September 2019 01:23 PM
මේ ස්ට්ර්යෙක් එක පොහොට්ටුවට සප්පොර්ට් එකට කරන එකක්. මේගොල්ලෝ ලබන සුමානෙ වෙය් කියල හිතන ඒවාට මහජනයා අපහසුතාවයට පත් කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

