GMOA අද හදිසියේ රැස්වෙයි
වෛද්‍ය සභාව හා වෛද්‍ය ආඥා පනත අනතුරට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණය පරාජයට පත්කිරීමට අද (18දා) තීන්දු කිහිපයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගත යුතු වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට අද (18දා) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙන බවත්, මේ සඳහා ශාඛා සමිති 122ක් නියෝජනය කරමින් නියෝජිතයන් පැමිණීමට නියමිත බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
එන්.ජී.ඕ. සංවිධානවලට අවශ්‍ය ආකාරයට වෛද්‍ය අඥා පනත ඉතා කඩිනමින් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හරහා වෛද්‍ය සභාව හා රටේ ජනතාව අනතුරකට ලක්වන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් වෛද්‍ය ආඥ පනත හා වෛද්‍ය සභාව රැක ගැනීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය ආඥා පනත හා වෛද්‍ය සභාව අනතුරකට ලක්කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරමින් මෙරට සෞඛ්‍ය අනතුරකට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම් උත්සාහ කළද, සයිටම් පරාජය කළ ආකාරයටම මෙම උත්සාහයත් පරාජයට පත්කරන බව ලේකම්වරයා පවසා සිටියේය.
popular news
-
sirisena Thursday, 18 October 2018 10:21 AM
ඇමති තුමෙනි අවශ තීරණ බය නොවී ගන්න. උබට ජනතා සහය. මෙය මාපියාවක්. මෙය ඉවත් නොකළහොත් රජයෙන් පලක් නැහැ.
Reply : 10 0
piyasena Thursday, 18 October 2018 10:24 AM
රට පාලනය වෛද්‍ය සංගමයට නොදෙන්න.
Reply : 16 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

