FCID යට විරුද්ධව අනිවාර්යයෙන් නඩු දානවා
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහුව මාස එක හමාරක් බන්ධනාගාර ගත කිරීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට විරුද්ධව වන්දි ඉල්ලා අනිවාර්යයෙන්ම නඩුවක් ගොනු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
සතොසේ සිදූ වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකින් නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හමුවීමට කුරුණෑගලට පැමිණි අවස්ථාවේදී හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාට කළ හිරිහැර පිළිබඳව මේ වන විටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව හිටපු ජනපතිවරයා සඳහන් කළේය.
ගීතාංජලි ප්‍රියදර්ශනී

popular news
-
rocky Wednesday, 17 October 2018 06:07 PM
හොරුන්ට කවදත් හොරුන්ගේ ආරක්ෂා ව ලැබෙනවා ලු!මහත්තයෝ, නිකම් සුදනා වෙන්න හදන්න එපා. රැවටෙන පිරිසකුත් ඇති. උන්ට හොරුන්ගේම පිහිටයි!
Reply : 4 1
weliweriye dil Wednesday, 17 October 2018 06:22 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! . වැලිවේරියේ අපේ අහිංසක මිනිස්සු මැරූ මහින්දට ,ගොටාබයට සහා මහින්දගේ රාජපක්ෂ පවුලේ සෑම කෙනෙකුටම දෙවියන්ගේ නාමයෙන් ශාප වේවා!!!
Reply : 3 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

