DOING BUSINESS දර්ශකයේ ලංකාවෙන් ලෙකු පිම්මක්
ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන DOING BUSINESS දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 11ක් ඉදිරියට පැමිණ තිබේ. 2019 වසරට අදාළ වාර්තාවේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට නම් කර ඇති අතර පසුගිය ශ්‍රේණිගත කිරීම්වලද ශ්‍රි ලංකාව සිටියේ 111 වැනි ස්ථානයේය.
රටවල් 190ක් මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදාගෙන තිබේ. මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබෙන අතර 2015 සිට 2019 දක්වා පිළිවෙළින් 114, 109, 110, 111 හා 100 ලෙස ශ්‍රේණිගත කිරිම්වල රැදී සිටියි.
මෙහි පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නවසීලන්තය, සිංගප්පූරුව හා ඩෙන්මාර්කය හිමිකරගෙන තිබේ.

#SriLanka makes biggest jump in Doing Business Index from 111 to 100. (For 2019 as at 2018 data of 190 countries) For 2015 (2014 data) we were at 114, then 109, 110 and 2108 111. I thank everyone in the steering committee and 8 task forces who worked hard to make this happen.#lka pic.twitter.com/2PgybWakas
— Harsha de Silva (@HarshadeSilvaMP) October 31, 2018
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

