DIG නාලකගේ ටෙලිෆෝන් කතා පොලිස් කොමිසමට
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂක නාමල් කුමාර සමග සිදුකළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත්, ජාතික පොලිස් කොමිසමටත් පැමිණිලි කිරීමට තීරණය කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එම සංවාදයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් සැකසීමත් හේතුවෙන් පොලිස් නිලධාරීන් රාජකාරී අවදානමකට ලක්ව සිටින බව ඔවුන් සිය පැමිණිල්ලෙන් දැන්වීමට නියමිතව ඇත.
මෙවැනි අවදානම් පරිසරයක රැකියාව කිරීම ජීවිතවලට ප්‍රශ්නයක් වන නිසාත් විශේෂයෙන් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම මෙහිදී බැලූ බැල්මට පෙනෙන කරුණක් වීම නිසාත් වහාම මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එම නිලධාරීන් සිය පැමිණිල්ලෙන් දැනුම් දීමට ඇතැයි සඳහන් වේ. ඒ අතර ඔහු ගැන පොලිස්පතිගේ නියමයෙන් වෙනම පරීක්ෂණයක්ද ක්‍රියාත්මකය.
ගයාන් ගාල්ලගේ (ඉරිදා ලංකාදිප)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
