CSN නඩුව සමථයකට - නාලිකාවට දුන් සංඛ්‍යාතත් ඒ අයුරින්ම
කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනී නාලිකාව සඳහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම අද (26දා) අභියාචනාධිකරණයේදී සමථයකට පත් විණි.
එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍ර ය අවලංගු කරමින් 2016 වසරේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස් කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අද (26) අභියාචනාධිකරණයේ දී එකග වීම මත මෙම සමථය ඇති විය.
ඒ අනුව 2016.10.23 දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පළ කළේය.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, එහි අධ්යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.
තිළිණිද සිල්වා / රන්ජන් කටුගම්පොළ
popular news
-
Demuni Uduwara Wednesday, 27 May 2020 12:32 AM
"My car my petrol. "
Reply : 0 3
Karunarathna Wednesday, 27 May 2020 04:46 AM
යමපාලනය අවසන් වී ඇති බව දැනෙන්නේ දැන් තමයි.
Reply : 2 12
Sanath Thursday, 28 May 2020 02:14 PM
නඩු සහ බදු හැමදුරුවන්ගේ
Reply : 0 6
Chamara Friday, 29 May 2020 07:25 PM
රනිල් මහත්තයා විවුර්ත කරපු වොක්ස්වැගන් කම්හල සම්බන්ධ නඩුවට මොකද වෙන්නේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

