ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් සියලු දෙනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද වහාම යළි සේවයට බඳවා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
මෙසේ ඉවත් කළ සේවකයින් 167 ගෙන් නියෝජිතයන් කිහිප දෙනෙකු සමග ඊයේ (05දා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය රජය යටතේ ඔවුන් දෛනික වැටුප් පදනම මත බඳවාගෙන තිබේ. අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් පවා සපුරා ඇති ඔවුන් බඳවාගෙන ඇත්තේ කම්කරු තනතුරු සඳහා බවත් ඔහු පැවැසීය.
කෙසේ වුවද, ඔවුන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වු එම තනතුරු සඳහා වෙනත් පිරිසක් බඳවා නොගන්නා බවත්, මුදල් අමාත්‍යාංශයේ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම එම පිරිසම නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පිරිසට දැනුම් දුන්නේය.
