BOI අධ්යක්ෂ මණ්ඩලය ගැන මලික්ගෙන් පැහැදිලි කිරීමක්
ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය සමන්විත වූයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් පිරිසකගෙන් බව ජාත්‍යන්තර වෙළඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
ජනපති මෛත්රීපාලි සිරිසේන මහතා විසින් ඊයේ රාත්‍රියේ බල පැවැත්වෙන පරිදි ආයෝජන මණ්ඩලය, ලංකා බැංකුව හා මහජන බැංකුවේ අධ්යක්ෂ මණ්ඩල ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරුන් වගකිම් විරහිතව කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
2018 වසරේදී පමණක් ආයෝජන මණ්ඩලය විසින් ඩොලර් බිලියන 18ක් වටිනා ව්‍යාපෘත සඳහා අනුමැතිය ලබා දුන් බවත් 2017 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 1.9ක විදේශ ආයෝජන ලබාගැනීමට හැකිවූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එම ආයතනය ඉහළ කාර්යක්ෂමතාවකින් කටයුතු කරන විට වැරදි මාධ්‍ය වාර්තා පළ කිරීම හරහා ආයෝජකයන්ට බලපෑමක් ඇති වෙනු ඇති බවත් ඔහු පවසයි.

popular news
-
කෝලිත Thursday, 18 October 2018 07:31 PM
පටයර් factory එකයි වොක්ස් වැගන් ටිකයි ඔතන තිබුන නේද?
Reply : 0 0
Sunil Friday, 19 October 2018 06:58 AM
ඇමති වගේම ලෝක හොරු.
Reply : 0 0
dhamneth Friday, 19 October 2018 09:35 AM
දක්ෂතාවය යනු සිටින පුද්ගලයන්ගෙන් පලදායක සේවයක් ලබාගැනීමයි.නිතර නිතර සේවකයන් මාරු කිරීමෙන් පලදායක සේවයක් ලබාගන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

