ආසියානු කලාපය තුළ අන්තවාදයෙන් තොරව සාමකාමී ලෙස ජීවත්විය හැකි සාම කලාපයක් බවට පත්කිරීමට ආසියානු කලාපයේ සියලුම බෞද්ධ හා හින්දු සංවිධාන සමග එක්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
එසේම යහපත් කතෝලික, මුස්ලිම් ජනතාව සමගත් අත්වැල් බැඳගනිමින් ජාත්‍යන්තරය තුළ බෞද්ධ ජනතාව සුරක්ෂිත කරන බව බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියෝ පැවසූහ.
අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූ අතර, මියන්මාරයේ 969 සංවිධානයේ නිර්මාතෘ අශාන් විරතු හිමියෝද මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. එම සංවිධාන දෙක අතර ගිවිසුම් අත්සන් තැබීමක්ද එහිදී සිදුවිය.