6වැනි පරාක්‍රමබාහු රජුගෙන් පස්සේ රට සහලින් ස්වයංපෝෂිත කළේ මම
තමන් කෘෂිකර්මාන්තයට කැමති නොමැති බවට ඇතැම් අය ප්‍රකාශ කළත් හයැවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව රට සහලින් ස්වයං පෝෂිත කළේ තම පාලන කාලයේදී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
බිංගිරිය අපනයනය සංවර්ධන කලාපය ඉදිකිරීමේ පළමු අදියරට අද (04දා) එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ. ඒක පටන් ගත්තේ ඩී.එස්. සේනානායකයි, ජේ.ආර්. ජයවර්ධනයි.
ගිය අවුරුදු 27/28 මොකක්ද අපිට සිදුවුණේ. කොහෙද අපට වැරදුණේ. ඒකයි අපිට හිතන්න ඕන. රට දියුණු කිරීමේ අභිගෝය තමයි බාර අරගෙන තිබෙන්නේ.
අපි 2015 ආණ්ඩුව ඇතිකරලා මම මලික් සමරවික්‍රම මහතාගෙන් ඇසුවාම වෙළඳ කලාපයක් ආරම්භ කරමුද කියලා ඔහු කිව්වේ තිබෙන ඒවා හිස් කියලයි.
අපේ මහදැන මුත්තා ආරම්භ කරපු මිරිජ්ජවිල කර්මාන්ත 10ක් වත් තිබුණේ නෑ. අක්කර 600ක් තිබුණා හිස් වෙළඳ කලාප 14ක. මම එතුමට කිව්වා ඒක පුරවන්න කියලා. තව අක්කර 25ක් තිබෙනවා.
බිංගිරිය ආරම්භ කළ ආයෝජන ප්‍රවර්ධන කලාපය අක්කර 1200කින් අවසන් කරනවා. අපි ආරම්භ කරපු වෙළඳ කලාපවලට වඩා විශාල එකක් මේක. මේක විශාලම එක වෙන්නේ නෑ. අක්කර 4000ක් වෙන්කරලා තිබෙනවා ත්‍රිකුණාමලයේ. අක්කර 5000ක් වෙන කර තිබෙනවා හම්බන්තොට. අක්කර 10000ක් තිබෙනවා මොනරාගල. අක්කර 1000කට වඩා වැඩියි කලුතර අක්කර 100ක් තිබෙනවා. මාවතගම. අක්කර 600ක් පරීක්ෂාකරනවා කුලියාපිටියේ.”

popular news
-
Kumar Monday, 04 March 2019 10:28 PM
ඇත්තටම මමහිතුවේ රටට සහල් නිපදවන්නේ ගොවිමත්මයල කියලනෙ. දැන් බලගකොට ලකාවේ අගමැතිතුනේ ඒ කාර්යය ඉටු කරලා තිබෙන්නේ. රනිල් මහත්මයා කවදාවත් කුබුරකට බැහැල තිබෙනවද?
Reply : 1 1
Champa Monday, 04 March 2019 10:55 PM
ආයෝජන ප්‍රවර්ධන කලාප? සුද්දන්ට ජංගි මහල රටකට ගොඩ යන්න පුලුවන්ද? කලාප කියල කරන්නේ විදේශිකයන්ට ඉඩම් ටික විකුණන එක. 6 වෙනි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ ප්‍රසිද්ධ වුනේ ආර්ය චක්රවර්තිව එලවල රටේ ස්ථාවර භාවය ඇති කිරීම වෙනුවෙන්. ඊළඟට ඒ කාලය තමයි සිංහලය සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය. අනික මේ කාලේ රට සහලින් ස්වයංපෝෂිතද? සම්බා කිලෝවක් 120 යි. රට හාල් රට පුරාම. හිඟන්නොත් එපා කියන ඉටිහාල රුපියල් 50. මට දැනේනේ කතාව තේරුනේ. "රට සහලින් රට ස්වයංපෝෂිත කරා" කියලා වෙන්නැති කියන්න ඇත්තේ. රට හාල් නම් රට පුරාම තියෙනව. නෙද්දකින්. කවදද තොලොන්ජි වෙන්නේ කියලා ගම්වල මිනිස්සු බලා ඉන්නේ.
Reply : 2 2
Nalin Thursday, 07 March 2019 01:31 PM
පරාක්‍රමබාහු රජත˛මා මහාබැ0ක˛ව කොල්ල කැවේ නැනේද.... රටේ ක˛ඩු වැපුරැවේ නැනේද ඒවුනාට මේ මහාබැක˛බාහු නම් හාල් කෙසේ වෙතත් අනිත් ඒවා නම් ස්වයං පෝෂිත කරලා තියනවා කරගෙන යනවා ජයවේවා මහාබැ0ක˛බාහු රජුනි.........
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

