40 වසරක මාතෘ භූමියට කළ උදාරතම සේවයට ලැබුණු ජීවමාන ඇගයුම
ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ වසර 40කට වැඩි කාලයක් මවුබිම වෙනුවෙන් කරන ලද අගනා සේවය ගෞරවයට පාත්‍ර කරමින් එතුමන් පදිංචි මල්වාන සහ දොම්පේ අතර ප්‍රධාන මාර්ගය ඊයේ (24) දින සන්ධ්‍යාවේ ‘ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත’ ලෙස නම් කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන, ජෙනරාල් (විශ්‍රාමික) හැමිල්ටන් වනසිංහ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් රැසක් සහභාගි වූහ.
යුද්ධ හමුදාධිපතිතුමන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ සමඟ එක්ව මාර්ගයේ නාම පුවරුව නිරාවරණය කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ඉල්ලීමකට අනුව මෙම කර්තව්‍ය සිදුකිරීමට හැකි වි ඇත.
ජෙනරාල් හැමිල්ටන් වනසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපති වේ.
කොළඹ නගරයේ මල්වාන ප්‍රදේශයේ දී උපත ලැබූ හැමිල්ටන් වනසිංහ සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ආනන්ද විද්‍යාලයෙන් හැදෑරීය. දක්ෂ ක්‍රීඩකයෙකු වූ එතුමන් පාසල් කාලයේ ශිෂ්‍යභට බලකායේ සැරයන් මේජර් තනතුර හෙඹවිය. විද්‍යාලයේ රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ එතුමන් පාසල් කාලය තුළදී මෙන්ම ඉන්පසුව හමුදාවේ දී බොහෝ කුසලාන දිනාගැනීමට සමත්විය. ඉන් අනතුරුව, එතුමන් සිලෝන් ඉන්ටර් ඩොමීනියන් කුඩා සිදුරු රයිෆල් වෙඩි තැබිමේ තරඟාවලිය නියෝජනය කළේය.
වර්ෂ 1954 දී කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලංකා හමුදාවට එක්වූ එතුමන්ව මූලික යුද පුහුණුව හැදෑරීම සඳහා සැන්ඩ්හර්ස්ට් (Sandhurst) හි රාජකීය හමුදා විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන ලදී.
ඉන් අනතුරුව, දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වූ එතුමන් ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරියෙකු ලෙස පත් කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලෙස පත්වීමට පෙර එතුමන් හමුදාවේ විවිධ තනතුරු රැසක් හොඹවනු ලැබූ අතර වර්ෂ 1988 දී එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්විය.
වර්ෂ 1995 යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමන් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක ලේකම් ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොඹවනු ලැබීය.
කෂිනි හපුආරච්චි


popular news
-
කෝලිත Monday, 26 August 2019 08:35 AM
මාර සේවයක් කලා ප්‍රේමදාස එක්ක කොටින්ට සල්ලියි ආයුධයි දුන්නෙ මෙයානෙ....
Reply : 0 0
Nandana Monday, 26 August 2019 04:59 PM
අගනා සත් ක්‍රියාවක් , ජය ශ්‍රී !
Reply : 0 0
P.K.U.RUPASINGHE Thursday, 29 August 2019 10:25 AM
මේ මහා රණවිරුවාට කල උතුම් උපහාරයකි මෙය ජනරාල් හැමේල්ටන වනසින්ග්හේ ඔබට නීදුක් නිරෝගී සුව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

