විශිෂ්ට කෑල්ල නැතත් ආණ්ඩුව ඌවෙන් ජයගෙන තිබෙන බවට පුරසාරම් දොඩවන නිසා ආණ්ඩුව සඳහන් කළ ආකාරයටම ජනවාරි මාසයේදී ජනාධිපතිවරණය පවත්වා පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂය අභියෝග කරයි.
භූමිතෙල්, ඩීසල්, පෙට්රල් ඉදිරියට දමා ආණ්ඩුව ඌව ජනතාව රැවටීමට උත්සාහ කළත්, එම පළාතේ ජනතාව ආණ්ඩුවට හතර ගාතෙන් වැටෙන්නට ප්රහාරයක් එල්ල කර එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ට ජයග්රහණයක් ලබාදී තිබෙන බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
හරීන් ප්රනාන්දු මහතා දේශපාලන වශයෙන් ලබාදුන් ආදර්ශය සහ පක්ෂයේ සියලුම පිරිස් එකට අත්වැල් බැඳගැනීමට කටයුතු කළ නිසා ජනතාව ආණ්ඩුවට රතු එළියක් දැල්වීමට කටයුතු කළ බවද මහලේකම්වරයා පවසා සිටියේය. එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ජනතාව තබා තිබෙන විශ්වාසය අතිවිශිෂ්ට බවට ඌව පළාතේදී ලබාදුන් ජනවරම තුළින් පෙන්නුම් කරන බවත්, මේ අනුව පෙරලා ජනතාව වෙනුවෙන්ද කැපවී කටයුතු කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.