26 දා සිට දින දෙකක දුම්රිය වර්ජනයක්
දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුව සඳහා තවදුරටත් විසඳුම් ලබානොදීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරිමට අද පැවැති විධායක රැස්වීමේදී තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් වන තිරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බවද දුම්රිය සංගම් පවසයි.

popular news
-
Champa Tuesday, 11 December 2018 05:17 PM
මේ පහල තැනක තිබුන රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න විදිහක් නැතිලු. වැටුප් නැත්නම් වැඩ කරන්නේ මොකොටද කියලා ඈත ගමක ඉඳන් දහසක් දුක් විඳගෙන කොළොඹ වැඩට එන මිනිස්සුන්ට හිතුනොත් ඉතාම සාධාරණයි. දවස් දෙකක් දුම්රිය වර්ජනය කරනවා නම්, දැන් ආණ්ඩුවකුත් නැහැයි කියන නිසා සහ ජනාධිපතිටත් පිස්සුද කියලා නඩුවකුත් දාල තියෙන එකේ (ළඟදීම එයාවත් interdict වෙයි මයෙ හිතේ) , දුම්රියේ එන රජයේ සේවකයන් පෞද්ගලික අංශයේ සේවකයන් මේ දවස් දෙකේ කලින්ම "දුම්රිය වර්ජනය නිසා duty leave ඉල්ලලා" ලියුමක් අත්සන් කරලා ආයතන ප්‍රධානියාට බාර දෙන්න. කෝච්චි නැත්නම් කොහොමද වැඩට එන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

