225ම දොට්ට දාමු කියන කතාව පිළිගන්න අවශ්‍යයි - අගමැති
දේශපාලඥයින් ගැන විශ්වාසය ජනතාවට නැතිව ඇති බවත් ආණ්ඩුව පිළිබඳව නොව විපක්ෂය ගැනත් ජනතාවට ප්‍රශ්ණ ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයා එසේ පවසා සිටියේ සමෘද්ධි දීමනා ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 28,000ක් වෙනුවෙන් නව සමෘද්ධි දීමනා පිරිනැමීමේ ප්‍රධාන උත්සවයේ සභාව අමතමිනි.
"නමුත් දැන් ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාව අතර කලකිරීමක් තියෙනවා. දේශපාලනඥයන් ගැන විශ්වාසය නැති වෙලා. ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි විපක්ෂය ගැනත් ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.
සමහරු කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දොට්ට දාමු කියලා. අපි මේක පිළිගන්න අවශ්‍යයි. ඒ ප්රශ්නය ජනතාවගේ හදවතට ගිහින් තියෙන්නේ දැන් අපිට පරණ විදියට දේශපාලනය කරලා ගොඩ එන්න බැහැ.
ජනාධිපතිතුමාටත්, මටත්, ආණ්ඩුවටත් මේ හැමෝටමත් අලුතින් හිතන්න යුතුකමක් වගකීමක් තියෙනවා.”
සිරංගිකා ලොකුකරවිට

popular news
-
Champa Sunday, 09 June 2019 10:22 PM
කරලියේ ඉන්න කිසිම දේශපාලකයන්ට අලුතෙන් හිතන්න බැහැ. එහෙම හිතන්න තරම් mental capacity එකකුත් නැහැ.ජනවාරි 8 මහින්දගේ පරාජයෙන් පස්සේ මිනිස්සු කවදාකවත් නැති විදිහට පරාජිත මානසිකත්වයක් ලැබුවා. ලංකාව සතුරන්ගේ අතට ගියා කියල සිංහලයෝ බය වුනා. මෛත්‍රීට චන්දෙ දීපු මිනිස්සුන්ට එක දවසෙන් ජනවාරි 9වෙනිදම මෛත්‍රිව එපා වුනා. හැබැයි එදා වැටිච්ච මානසිකත්වය එක මාසෙන් නැවත ගොඩ නැගුන. පරාජිත රටක ඉරණම තමන්ගේ කර පිටට අරන් 2015 පෙබරවාරි පාට පක්ෂ නැතුව ජනතාව එකට එකතු කලේ විමල් වීරවංශ. ඒ ගෞරවය විමල්ට දෙන්න ඕනේ. හැබැයි මිනිස්සු අද වෙනකොට එදාටත් වඩා ශක්තිමත්. එදා දේශපාලකයන් පස්සෙන් ආපු මිනිස්සු අද ඔවුන් පහු කරගෙන හුඟක් ඉස්සරහට ගිහින්. එදා දේශපාලකයන් කියන දේට ඇහුම්කන් දීපු මිනිස්සු අද දේශපාලකයන්ට demand කරනවා තමන්ට ඇහුම්කන් දෙන්න කියලා. මේ පසුබිම විස්තර කරලා පරගැති අගමැතිට මට කියන්න ඕනේ ඊළඟ ජනාධිපතිවරණයේදී ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර ජනතාවට තමන් කැමති මිනිහෙක්ව තෝරා ගැනීමට ඉඩ දීම. කොහොමත් පරදින චන්දෙට මිනිහෙක් දාල වැඩක් නෑ. අනික මිනිස්සු දේශපාලකයෙක් තෝර ගන්නෙත් නෑ
Reply : 0 0
sg Monday, 10 June 2019 07:43 AM
යන්න කඩිනම් මහමැතිවරණයකට
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

