කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන භෝග වර්ග පුරෝකථනයට අනුව මේ මස 21 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු භෝග වර්ග දහසයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව මෙම කාලය තුළ බෝංචි, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල වගා කළහොත් අස්වැන්න ලැබෙන විට හොඳ මිලක් ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
ලීක්ස්, බීට්රෑට්, වම්බටු, ගෝවා, මෑ කරල්, වට්ටක්කා, රාබු, තක්කාලි වගා කළහොත් අස්වැන්නට සාමාන්‍ය මිලක් හා බණ්ඩක්කා, මාළු මිරිස්, කැරට් වගා කළහොත් අඩු මිලක් ලැබිය හැකි බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා පැවසීය.
දැනට වගා කර තිබෙන භෝග වර්ග හා රටේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සකස් කරන දත්ත ක්‍රමවේදයකට අනුව භෝග පුරෝකථනය සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.