21වන ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 225ම එක්විය යුතුබවට රණවිරුවන්ගෙන් ඉල්ලිමක්
21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර පොලිස් කොමිසම සහ අධිකරණයේ කොමිසම ස්වාධින කරගත හැකි බවත් එයට විරුද්ධ වන්නේ ජාතිද්‍රොහින් බව නිල්වලා රණවිරු එකමුතුවේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා පැවසිය.
ඒ මහතා එසේ පැවසුවේ අද (2) මාතරදි පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘30 වසරක යුද්ධය අවසන් කරපු අබාධිත රණවිරුවන් වශයෙන් අපි මේ රජය බලයට ගෙන එන්න කටයුතු කරා, ඒ ස්වේජ්ජාවෙන් කිසිවක් බලාපොරොතු වෙන් නෙමෙයි. අද මේ මාධ්‍ය සාකච්ජාව අපි තියන්න අදහස් කළේ පාර්ලිමේන්තුව මේ වසරට ආරම්භ කරන හෙට දිනයේ විජයදාස රාජපක්ෂ මහතා 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනොම මෙයට පක්ෂ අත උස්සන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ඉතාම පක්ෂාග්‍රාහිව තමයි කටයුතු කරන්නෙ. අපි හිතුවේ නව ජනාධිපතිතුමා පත්වුණාට පස්සේ අධිකරණයට ස්වාධින විනිසුරුවන් පත්කරලා මේ රට හොඳ තැනකට ගෙනඑයි කියලා. නමුත් අද පාර්ලිමේන්තුවේ 225 දෙනාට අද නීතිය කි‍්‍රයාත්මක කරන්න නොහැකි වෙලා තියෙනවා. සහරාන්ට ගහලා කියලා සමාජ මාධ්‍යයේ දාපු දරුවන් තුන් දෙනා මාස තුනහමාරක් සිරගත කරලා තියෙනවා හැබැයි කරුමේ කියන්නෙ රාජිත සේනාරත්නලට මේ නීති කි‍්‍රයාත්මක වන්නෙ නැහැ .
ජනාධිපතිවරයා සහ ආරක්ෂ ලේකම්වරයා පිළිබඳව අපිට ලොකු ව්ශ්වාසයක් තියෙනවා. නමුත් වරද තියෙන්නෙ අර කොමිෂන් දෙක ඉතා පක්ෂග්රාහිව කටයුතු කිරිමයි . එය අපි ස්වාධින කළ යුතුයි. එහෙනම් හෙට දිනයේ විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමට පාර්ලිමේන්තුවේ 225 දෙනාම සහයෝගය දිය යුතුයි. මෙයට විරුද්ධ වෙන සියලූ දෙනා ජාති ද්‍රොහින් දේශද්‍රොහින්, එයට විරුද්ධ වන්නේ බැදුම්කරයේ සල්ලි හම්බකරපු අය. එහෙම අය නැවත පාර්ලිමේන්තුවට යවන්න එපා කියලත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ’’ යැයි මහිරාජ් මහතා වැඩිදුරටත් පැවසිය.

-
Kumar Thursday, 02 January 2020 10:01 PM
පසුගිය රජයට හිරිහැර කරලා ඒ අයගේ සහය පතනවද? ඔයගොල්ලන්ගේ විරයා ඇමෙරිකාවට අදායම් බදු ගෙවනවා. බය නැතුව අහල බලන්න. ලබන අප්‍රේල් මස 14 ට කලින් ඒ සියලු අදායම් බදු ගෙවන්න ඕනෙ. ඒ විතරක් නොවේ ඇමෙරිකන් රජයෙන් විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා.
Reply : 0 0
Champa Thursday, 02 January 2020 10:48 PM
ජනාධිපතිවරයාට අධිකරණයට ස්වාධීන විනිසුරුවන් පත් කරන්න බැහැනේ. එතුමාට විරුද්ධව අධිකරණයේ නඩු තියෙන කොට. ඒ හින්ද ඒ කතාව විහිළුවක්. අනිත් අතට එතුමාගේ ඇමරිකන් පුරවැසි භාවය නැති කරගත්ත කියල එතුමාගේ නීතිඥයා ඉදිරිපත් කලෙත් විකෘති කරපු ලියවිලි කියලා පත්තර වල දාල තිබුන. එහෙම පුද්ගලයෙක් කවදාවත් අධිකරණයට ස්වාධීන වෙන්න දෙන්නේ නැහැ. අනිත් අතට විනිසුරුවන් පත් කිරීම ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට හෝ කොමිසම් වලට බාර දීමත් වැරදියි. රටේ ව්‍යවස්ථාව අනුව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම ස්වාධීන විය යුතුයි. ඒ හින්ද ස්වාධීන අධිකරණයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය විනිසුරන් පත් කිරීම සම්පූර්නයෙන්ම වැරදියි වගේම අධිකරණයේ ස්වාධිනත්වයට ඇඟිලි ගැසීමක්. ස්වාධීන අධිකරණයට විනිසුරුවන් පත් විය යුත්තේ අධිකරණය සේවා කොමිසම හරහා මිසක් දේශපාලකයන් හරහා නෙමෙයි.
Reply : 0 0
Don Friday, 03 January 2020 08:57 AM
ඔය කියන 21 ගේන්නේ මහජනතාව සඳහා නොවේ. හුදෙක්ම කීපදෙනෙකුගේම වාසියට.
Reply : 0 0
rana Friday, 03 January 2020 09:43 AM
නොදන්නා දේවල් නොකියන් රාලේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

