2025 ක්‍රිකට් ආදායම රු. මිලිය 5072කින් පහළ ගිහින්
ශ්රිලකා ක්‍රිකට් ආයතනය සදහා ඉකුත් වර්ෂය තුල (2025) අයි.සි.සි බෙදාහැරිම්, ජාත්‍යන්තර් ක්‍රිකට් සහ දේශිය ක්‍රිකට් වලින් ලැබුණු ආදායම 2024 වර්ෂයට සාපේක්ෂව සියයට 30.8කින් එනම් රුපියල් මිලියන 5,072 කින් පහත වැටි ඇති බව අනාවරණය වි ඇත.
ඉකුත් වර්ෂය තුල ජාත්‍යන්තර් ක්‍රිකට් සහ දේශිය ක්‍රිකට් වෙනුවෙන් දැරු වියදම එමගින් උපයාගත් ආදායමට වඩා සැලකිය යුතු ඉහළගොස් තිබුණි. මුල්‍ය කළමණාකරණයේ සහ පිරිවැය පාලනයේ පවතින දුර්වලතා මෙම තත්ත්වයට හේතුවි ඇති බවද අනාවරණය වි ඇත. එය ශ්රිලකා ක්‍රිකට් ආයතනයේ මුල්‍ය තිරසරභාවයට අහිතකර ලෙස බලපා හැකි බව විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි.
වියදම් පාලනය ශක්තිමත් කිරිමටත්, සඵලදායි අයවැයකරණයක් සහ අධික්ෂණයක් තහවුරුකිරිමටත් ජාත්‍යන්තර හා දේශිය ක්‍රිකට් ක්‍රියාකාරකම්වල වියදම් එවායේ ආදායම් ඉපයිමේ හැකියාවට අනුකුලවන සකස් කිරිමටත් විධායක කමිටුව විසින් සුදුසු පියවරගතයුතුබවට විගණනය මගින් නිර්දේශකොට ඇත. ශ්රිලකා ක්‍රිකට් ආයතනය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
