2024 දී සැමට ජලය ලබාදෙන්න සැලසුම් කර අවසන් - අගමැති
2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.
එම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යතුමා ප්‍රථමයෙන් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජල පිරිපහදුවේ පොම්ප යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් කැළණි, දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල පවිත්‍රාගාරය මහජනතාව වෙත විවෘත කරන ලදී.
මෙම අවස්ථාවේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් 2021-2025 කාලය සඳහා ජල සම්පාදන මණ්ඩලයේ අරමුණු සහ සැලසුම් විදහා දැක්වෙන සාමූහික සැලසුම ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීම සිදු විය.
සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව 2025 වනවිට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාවට ඉන් ප්රතිලාභ හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන තිස් දෙදහස් හත්සියයකි.
නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට වැඩි ගණනක් මෙමගින් ලබාදීමටයි නියමිතය. ග්‍රාම නිලධාරි වසම් 320ක දා හත් ලක්ෂ පනස් දහසකට වැඩි පිිරිසකට මෙමගින් සෙත සැලසෙයි.
popular news
-
bayila Wednesday, 18 November 2020 04:30 PM
rate janapathi mudal amathi wela wasara bara ganak rata dakkuwath thamange Hambanthotata wathura denna bariwa apita surangama katha kiyanawa 2024 gana. Ban shapada? 2024 meya idida?
Reply : 0 0
Dan kohomath baha Wednesday, 18 November 2020 04:35 PM
Saubhagyaye wadabima kohoma unath abagyaye mudubimak wela iwarayi lokka. Janapathi wela mudal amathi kam karala koranna bari wunu de Agamathi wela mudal amathi kama koramin eka digata ayawaya kiyawa gannawath bari thathwayak yatathe kohoma karanawada lokka???? munubura balagena pinak dahamak karagena hitiyanam narakeyi? shapa nadda? Covid walata kalagedi sellam baha wagema Arthikayata ilakkam sellam hariyanneth naha...
Reply : 0 0
Sunil Wednesday, 18 November 2020 04:37 PM
Sir vitharak neme sir wa uda dagena dagalapu 69laksheth ekkama api okkoma fail karanawa aniwaryayenma.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

