2023 දි කිරෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්
2023 වන විට රටේ කිරි අවශ්‍යතාවය රට තුළම නිෂ්පාදනය කිරිමේ අරමුණින් වතු සමාගම් හා දේශිය ආයෝජකයන් අතර විශේෂ සාකාච්ජාවක් අද (26දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“වතු සමාගම් 22 ක් රට තුළ තියෙනවා. එක් වතු සමාගමකට අපි කිරිගවයින් දාහක් ගන්න කියලා ඉල්ලුවා. ඒ වගේම තමයි ඊට අවශ්‍යතා මත යටිතල පහසුකම් රජය මඟින් ලබාදෙනවා. ඒ අනුව තාක්ෂණික දැනුම, සහන, මූල්‍ය ආධාර, සත්ත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය ඉඩම් සහ අනෙක් සියලුම පහසුකම් සැපයෙනවා.
ඒ මඟින් දැනට රටේ වාර්ෂික නිෂ්පාදනය කරන කිරි ලීටර් මිලියන 422 ක ප්‍රමාණය කිරි ලීටර් මිලියන 750 දක්වා වැඩි කිරීමට හැකිවනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙලට අපි වැවැළි කර්මාන්ත අමාත්‍යාංශයේ ද සහාය ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා දේශීය කිරි ගොවියා අපි ආරක්ෂා කරනවා.
එම සමාගම් 22 කට ගවයින් මිලදී ගැනීම පමණයි ඔවුන් සිදුකළ යුත්තේ. අර කිව්ව සියලුම පහසුකම් අපි ලබාදෙනවා. ඒ අනුව කිරි ගවයින් 22,000 කට අවශ්‍ය සියලුම පහසුකම් රජය මගින් ලබාදෙනවා. ඉතින් අපි මේ විදිහට තමයි කෘෂිකර්මාන්තයේ ඒ දළදේශීය දායකත්වය ඉහළ නංවන්න අදහස් කරන්නේ.
මොකද කෘෂිකර්මාන්තයෙන් දළදේශීය නිෂ්පාදනයට දායකත්වය මීට පෙර 37% ක් ව පැවතුණා. නමුත් පසුගිය කාලයේ එය 7% ක් දක්වා පහළ වැටුනා. ඊට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කොටසක් වන කිරි නිෂ්පාදනය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා කිරි ගොවියා රැකගනිමින් මෙම නව වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනවා” යැයි පැවසීය.
popular news
-
Champa Thursday, 27 August 2020 07:23 PM
කෘෂිකර්මය ටයි කෝට් කාරයෙක්ට දීල. පටන් ගන්න කොටම කිව්වා කෘෂිකර්මයට ආයෝජන ඕනෙලු. ඒ ආයෝජකයන්ට බදු සහන දෙන්න ඕනේ කියලා. මම නම් කොහොමත් විදේශ ආයෝජන වලට කැමති නැති කෙනෙක්. අනික විදේශ ආයෝජකයන්ට විවෘත කල යුතු අංශ තියෙනව, නොකල යුතු අංශ තියෙනව. කෘෂිකර්මාන්තය කියන්නේ මේ රටේ ජීවනාලිය. අපේ කෘෂිකර්මාන්තය කිසි දවසක විදේශ ආයෝජකයන්ට විවෘත නොකළ යුතුයි. ලෝකයේ කාර්මික අතින් දියුණු හැම රටකම ඒ හා සමාන දියුණු කල කෘෂිකර්මාන්තයක් තියෙනව. ඔවුන් මහා පරිමාණයෙන් වගාවේ යෙදෙනවා. පිටින් ගන්නේ ඔවුන්ට වගා කල නොහැකි දේ පමණයි. උදාහරණයක් විදිහට අපට කිරිපිටි දෙන රටවල පැකට් කිරිපිටි විකුණන්න තහනම්. කුඩා දරුවන්ට විතරක් සීමිත ප්‍රමාණයක් තියෙනව. පිටරටින් ගෙනා කිරි හරක් ලෙඩ හැදිලා මැරුණු බව කිරි ගොවියෝ කියත්දී දැන් සමාගම් වලට කියනවා කිරි හරක් 22,000ක් පිටරටින් ගේන්නලු. කලින් 7000යි දැන් තුන් ගුණයක්.
Reply : 0 0
Champa Thursday, 27 August 2020 08:18 PM
මෙයාට දන්නේ නැහැ කිරි කර්මාන්තය ගැන හෝ පිටරට කිරි හරක් ගැන. කිරි එරීම සිද්ධ වෙන්නේ ස්වභාවිකව. කිරි හරකෙක්ට කිරි එරෙන්න නම් අවුරුද්දකට සැරයක් පැටවෙක් හම්බ වෙන්න ඕනේ. එතකොට තමයි කිරි දෙන්න පුළුවන්. පිටරට වල කරන්නේ කිරි හරකෙක්ට පැටවෙක් හම්බ වෙලා මාස තුනක් තුන හමාරක් විතර යනකොට කෘත්‍රිම සිංචනයක් කරලා නැවත පැටවෙක් හම්බ වෙන්න සලස්වනවා. එතකොට හුඟක් කිරි ලැබෙනවා. නමුත් කිරි හරකෙක්ට එහෙම කරල කිරි දෙන්න පුළුවන් අවුරුදු 3ක් විතරයි. ඊට පස්සේ ඒ සතාව මසට ගන්නවා. කිරි අපනයනය කරන රටවල් තව විවිධ ක්‍රම අනුගමනය කරනවා කිරි ප්‍රමාණය වැඩි කරගන්න. පිටරට හරක් මෙහෙ ගෙනාවට එහෙ වගේ මාස තුනකට සැරයක් කෘත්‍රිම සිංචනය කරන්නේ නැහැ. එහෙම කරන්නත් එපා. ඒ හින්දයි කිරි ගොවියෝ කියන්නේ සමහර රට හරක්ට කිරි නැහැ කියල. ඊළඟට ඒ සත්තු ලෙඩ වෙන්න ගන්නවා. අපි පිටරටවල වගේ කිරි දීපු හරකව මසට ගන්නේ නැහැ. අපි කෘත්‍රිම සිංචනය කරන්නෙත් නැහැ මම දන්නා විදිහට. අපේ කිරි හරක් කර්මාන්තදී අපි අනුගමනය කරන්නේ අපිට ආවේනික එකක්. ලංකාවේ දැනට ඉන්න කිරි හරක්, හරස් අභිජනනය කිරීමෙන් ලැබෙන කිරි හරකුන්ට වැඩිපුර කිරි තියෙන්න පුළුවන්. තව තියෙනව කරන්න පුළුවන්
Reply : 0 0
Champa Sunday, 30 August 2020 07:11 PM
පිටරටින් කිරි හරක් ගේම පිටිපැස්සේ තියෙන්නේ කොමිස් එකක් විතරයි. දැන් ගම්මන්පිලගේ දේශප්‍රේමී ලේබලය ගැලවිලා නිසා කිරි හරක් රැකට් එකෙන් බැසිල්ට ලැබෙන කොමිස් එක ගණනය කරලා දැන ගන්න විදිහක් නැහැ. පහුගිය ආණ්ඩුව කාලේ නම් දවසට එක ගානේ කිව්වා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

