2021 දුම්රිය ආදායම රු.බි. 2.6යි - 2021 අතිකාල දීමනා ගෙවිම රු. බි. 2.7
දුම්රිය මගී ප්‍රවාහන ගාස්තු, දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහන ගාස්තු, දුම්රිය තැපැල් ප්‍රවාහන ගාස්තු, දුම්රිය ගාස්තු ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත්‍රකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
දිර්ඝ කාලයක් තිස්සේ දුම්රිය වියදම් වැඩිවීමත් ඒ සාපේක්ෂව ආදායම් වැඩි නොවීමත් සමග අලාභය විශ්මිත ලෙස ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් හා අලාභයන් පහත අයුරින් වූ බවද අමාත්‍යවරයා පැවැසීය.
2012 - ආදායම බිලියන 4.8 - අලාභය රු බි 34
2021 බිලියන 2.6 - අලාභය බිලියන 37
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රුපියල් කෝටි 10කට වැඩි බවද ඔහු පැවැසීය. දුම්රිය වැටුප් හා වේතන වෙනුවෙන් 2022 දී බිලියන 7ක් ගෙවිමට සිදුව ඇති බවත් දුම්රිය දෙපාර්තමෙන්තුවේ අතිකාල දීමනා ගෙවීම 2021 වසරේදී රුපියල් බිලියන 2.7ක් බවද අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව දුම්රිය ගාස්තු වැඩි කිරිමට කටයුතු කළ බවත් කැළණිය සිට කොල්ලුපිටියට නව ගාස්තු රුපියල් 20ක් බවත් එය පැවැතියේ රුපියල් 10ක අගයකට බවත් අමාත්‍යවරයා පැවැසීය.
කොළඹ සිට යාපනයට කිලෝමීටර් 420කට බස් රථයක මිල 1683ක් බවත් දුම්රිය ගාස්තුව 580ක් බවද අමාත්‍යවරයා පැවැසීය.
දුම්රිය ගාස්තු වැඩි කළත් එය සිදුව ඇත්තේ බස් ගාස්තු මෙන් සියයට 50ක අඩු අගයකට බවත් ඔහු පැවැසීය.
popular news
-
Kumar Tuesday, 26 July 2022 05:26 PM
lokaye dumriya sewayan laabalbana ayathana nowe. Lankawe awashaya pramaanayata wadiyen sewakayo inna nisa wenna athi maytharam athikala watup gewannay. maythram paadulabaa monama saywayakwath pawathwagena yanna baha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

