2020දී යාපනයට ගඟක් - නළ මඟින් ජලය උතුරට
රත්නපුර, කෑගල්ල, කලුතර ප්‍රදේශ යටකරමින් ගංවතුර ලෙස නිකරුනේ මුහුදට ගලා බසින ජලය නළ මඟින් උතුරට ගෙන යාමට තමා මීට පෙර ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාවට නැංවීම වැදගත් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පාරිසරික විනාශයකින් තොරව කි‍්‍රයාත්මක කෙරෙන එම ව්‍යාපෘතිය මගින් කඩිනම් සහ සාර්ථක ප්‍රතිඵල උතුරේ ජනතාවට හිමි වනු ඇති බවට ද ජනාධිපති සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත සඳහා යෝජිත ජල ව්‍යාපෘති ආශ්රිත ප්‍රගතිය සමාලෝචනය කිරීම වෙනුවෙන් අද (12දා) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
උතුරේ ජනතාවගේ දුගී භාවය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවද ජනපතිවරයා සඳහන් කළේය.
කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වූ එම ප්‍රදේශවල ජනතාවට තම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් නිසි ලෙස සම්පාදනය කළහොත් උතුරේ සෙසු සංවර්ධන ගැටලුවලට ද ඒ සමගම විසඳුම් හිමිවන බවයි.
යෝජිත උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය, නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 2020 දී කි‍්‍රයාත්මක කිරීමට යෝජිත ,යාපනයට ගඟක්, ව්‍යාපෘතිය පිළිබඳව මෙන්ම උතුරු හා උතුරු මැද පළාත ආශ්‍රිතව ජයිකා ආධාර යටතේ සිදුකෙරෙන එල්ලංගා පද්ධති සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබ ඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

popular news
-
සෙනෙවි Tuesday, 12 February 2019 06:01 PM
පොලොන්නරුව ඇතුළු මහවැලි ව්‍යාපාරයේ ගොවීන් ජල බොහෝ කන්න වල ජල හිගය නිසා පීඩාවට පත් වෙමින් සිටියදී ඔවුන් දැනට ලබා ගන්නා ජලයෙන් කොටසක් පටු දේශපාල වාසි තකා උතුරේ ගොවිතැන් සංවර්ධනයට යොදා ගැනීම නිසා ඉදිරියේදී මහවැලි ගොවීන් සහ උතුරේ ගොවීන් අතර ජලය බෙදා ගැනීම පිළිබඳ ගැටුම් ඇතිවිය හැක
Reply : 0 0
Champa Wednesday, 13 February 2019 05:06 PM
රඝවාන් කියනවා කිලිනොච්චිය ඉරණමඩු වැවේ වතුර අයිති දෙමල ජනතාවට කියලා එයා පිලිගන්නවලු. වැව් වල වතුරත් ජාතිය අනුව බෙදන තැනට වැඩ කරපු දේශද්‍රෝහී මෛත්‍රී රනිල් දෙන්නව, අද හෙට ගේනව කියල බෙරිහන් දෙන එල්ලුම් ගහ test කරන්න පාවිච්චි කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

