උදා වූ නව වර්ෂය (2020) මැතිවරණ වර්ෂයක් වන අතර, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණද මේ වර්ෂයේදී පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනමත විචාරණයකට තුඩුදෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයක් සිදුකිරීම හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සිදුකළ හොත් මේ වසරේදී ජනමත විචාරයක් පැවැත්වීමටද අවස්ථාව ඇති බව දේශපාලක විචරකයෝ පෙන්වාදෙති.
පාර්ලිමේන්තු මැතිවරණය
වර්තමානයේ ක්‍රියාත්මක අටවැනි පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසය වනවිට වසර හතරහමාරක් සම්පූර්ණ වන බැවින් පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. ඒ අනුව මේ වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඉදිරි අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇති බව ආණ්ඩුව සඳහන් කර තිබිණි.
පළාත් සභා මැතිවරණ
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සශෝධන) පනත පසුගිය ආණ්ඩුව සමයේ සම්මත කරන ලද අතර, එමගින් සියලු පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට යෝජනා කර තිබිණි.
එසේවුවද එම පනත් කෙටුම්පතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සීමානිර්ණ වාර්තාව මෙතෙක් ගැසට් කර නොමැති බැවින් එම පනතේ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගැටලුසහගත වී ඇත.
මේ අතර 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සශෝධන) පනත අහෝසි කරමින් පළාත් සභා මැතිවරණ වෙන වෙනම පැවැත්වීම සඳහා 1988 අංක 02 දරන පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් පසුගිය නොවැම්බර් 07 වැනිදා පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත අහෝසි කිරීම මගින් පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනකයක පැවැත්වී අහෝසි වන අතර වෙන වෙනම මැතිවරණ පැවැත්විය හැකිය. එමෙන්ම නව සීමානිර්ණයක්ද ඒ සඳහා අවශ්‍ය නොවේ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත මෙතෙක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර නොමැති අතර, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සහ පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ නීතිඥ ජගත් ලියනාරච්චි මහාගෙන් %අද^ පුවත්පත කළ විමසීමේදී හෙතෙම සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත මාර්තු මාසයට පෙර සම්මත කළහොත් පළාත් සභා මැතිවරණ වෙන වෙනම පැවැත්වීමට හැකියාව ඇති බවය.
එසේ නොකළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග මෙම පනත් කෙටුම්පත අහෝසි වන අතර, නැවත නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවේ සම්මත කර පළත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු සැලැස්වීමට සිදුවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට එකඟතාවට පැමිණිය හැකි බවත් ජගත් ලියනාරච්චි මහතා සඳහන් කළේය.
නෙඒසේ නම්, පළාත් සභා මැතිවරණය නව ආකාරයට පැවැත්වීමට අදාළ සීමානිර්ණය ගැසට් කිරීමට ආණ්ඩුව තීරණය කරන්නේ නම්, පළාත් සභා මැතිවරණ 09ක් වෙනුවට එකම දිනයකදී සියලු පළාත් සභා මැතිවරණ පැවැත්වීමට හැකියාව ඇති බවද හෙතෙම පෙන්වාදුන්නේය.
පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව මේ සම්බන්ධයෙන් විමසීමේදී ආණ්ඩුවේ අමාත්‍යවරයකු පැවසූවද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ජනමත විචාරණය
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවසථා සංශෝධනය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවද එය සංශෝධනය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව පාර්ශ්වයේ බොහෝ දෙනෙකු සඳහන් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන විට ජනමත විචාරයකට තුඩුදෙන ආකාරයට හෝ එසේ නොවන ආකාරයට සංශෝධනය කළ හැකි අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ඉදිරිපත් කළහොත් ජනමත විචාරයකට යා යුතුව ඇත.
මේ වසරේ ජනමත චිචරයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි මහතතා සඳහන් කළේ, මේ වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණ පැවැත්වුව හොත් ජනමත විචාරයක් සඳහා ඇති ඉඩ අඩු බවයි.
එසේ වුවද ආණ්ඩුව සඳහන් කරන ආකාරයේ ජනමත චිචාරයකට යා හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ හොත් ජනමත චිචාරයක් පැවැත්වීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.