2019 වසරේ නිවාඩු දින යෙදී ඇති අයුරු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. පසුගිය 28දා ස්වදේශ කටයුතු අමාත්‍යා වජිර අබේවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයක මෙම නිවාඩු ඇතුළත් කර ඇත.
මෙහි පෝය නිවාඩු වන දුරුතු, වෙසක් පොහොය හා පසුදින, පොසෙන් පෝය, වප් පෝය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි යන නිවාඩු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී තිබේ.

