2019 වසරට ඩෙංගු රෝගීන් 27,700ක්
මෙම මාසයේ (ජූලි) පළමු සති දෙක තුළ ඩෙංගු රෝගීන් එක්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත්, මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද (14දා) දිනය දක්වා ඩෙංගු රෝගීන් විසිහත්දහස් හත්සියයක් වාර්තා වී තිබෙන බවත් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
සක්රියව පවතින නිරිත දිග මෝසම් වර්ෂා තත්ත්වය හේතුවෙන් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර හා කෑගල්ල යන දිස්ත්රික්කවල ඩෙංගු තත්ත්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද එම ඒකකය පෙන්වා දෙයි.
මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (14දා) දිනය දක්වා කාලය තුළ කොළඹ දිස්ත්රික්කයෙන් ඩෙංගු රෝගීන් 5,820ක්, ගම්පහ දිස්ත්රික්කයෙන් රෝගීන් 3,656ක්, කළුතර දිස්ත්රික්කයෙන් රෝගීන් 2,371ක්, ගාල්ල දිස්ත්රික්කයෙන් රෝගීන් 2,594ක්, මාතර දිස්ත්රික්කයෙන් රෝගීන් 1,111ක්, රත්නපුර දිස්ත්රික්කයෙන් රෝගීන් 1,337ක්, හම්බන්තොට දිස්ත්රික්කයෙන් රෝගීන් 690ක්, කෑගල්ල දිස්ත්රික්කයෙන් රෝගීන් 771ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්රික්කයකින්ම රෝගීන් වාර්තා වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

