2018 වර්ෂයේ යල කන්නය වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති ගොවි හමුවකදී ඔහු මේ බව පැවසීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හා දේශගුණික බලපෑම් අවම කිරිමේ ව්‍යාපෘතිය මගින් මේ වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් 350 ක් පමණ ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර ඒ වෙනුවෙන් ගොවීන්ගේ යෝජනා ඉදිරිපත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් අපි 2018 යල කන්නේ සඳහා වී, බඩ ඉරිඟු ලොකු ලූනු, අර්තාපල්, සොයා, අමුමිරිස් ඇතුළු අනිවාර්ය බෝග 6කට මේ වන්දි මුදල ලබා දෙනවා. විශේෂයෙන්ම ස්වභාවික විපත් ගංවතුර නියඟ වගේම වනඅලින් විසින් හානි වෙනුවෙන් මේ වන්දි ගෙවීම සිදු කරනු ලබනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2,750ක් සඳහා වන්දි ප්රදානය අග්‍රාමාත්‍ය තුමාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු දෙවන දා අප සිදු කරන්නට නියමිතයි. ඒ වගේම ලංකාව පුරා 2018 වර්ෂයේ දී අක්කර 23,605ක් හානිවෙලා ගොවීන් 20,113 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 556 වන්දි අපි ලබා දෙනවා. එක අක්කරයක් සඳහා අනුමත මුදල රුපියල් 40,000. ඒ පූර්ණ හානි වෙනුවෙන් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
මෙම අවස්ථාවට කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා හා අනුරාධපුර ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරයා සමඟ ගොවි සංවිධානයන්හි නිලධාරීන් රැසක් එක්ව සිටියහ .
