2018 දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.7
2018 දෙවන කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.7 ක් බව ජන ලේඛන හා සංඛ්යාලේඛ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .මෙම වසරේ දෙවන කාර්තුව සඳහා ස්ථාවර මිල (2010) ගණන් යටතේ ඇස්තමේන්තු කරනු ලැබු ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,264,445 කි බවත් පසුගිය වසරේ දෙවන කාර්තුවේ දී මෙම අගය රුපියල් මිලියන 2,183,122 ක් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩුකල බදු 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වනු ලබන දායකත්වය පිළිවෙලින් සියයට 8.4 ක්, සියයට 25.6 ක්, සියයට 57.1 ක් සහ සියයට 8.9ක් ලෙස වාර්තා වේ.
කෘෂිකාර්මික ආර්ථික කටයුතු පෙර වර්ෂයේ දෙවන කාර්තුවේ වාර්තා වු සියයට 3.1ක ඝෘණ වර්ධනයට සාපේක්ෂව 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සියයට 4.5 ක ධන වර්ධන වේගයක් වාර්තා කර තිබීම කැපී පෙනේ. එසේම පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, කර්මාන්ත ආර්ථික කටයුතු 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ දී සියයට 2.3 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර සේවා අංශයේ ආර්ථික කටයුතුතවදුරටත් සියයට 4.8කින් වර්ධනය වී ඇත.

popular news
-
Champa Wednesday, 19 September 2018 12:42 PM
මේ කියන්නේ මේ ආර්ථිකය නගින වේගයද? බහින වේගයද? 2015 දී 8% ක ආර්ථික වර්ධන වේගයක් තිබුණු රටක් අද 3.7%කට පහල වැටිලා නම් ආණ්ඩුව මේකට කියන්න ඕනේ වර්ධන වේගය කියල නෙමෙයි බහින වේගය කියලා. මේ යන හැටියට ලබන අවුරුද්දේ 2%කට විතර බහියි නේද? නැහැ නගියි නේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

