2015 සිට නීතිය ක්‍රියාත්මක වුණේ අරලියගහ මන්දිරයේ සිටයි - කෙහෙළිය
2015 , 2016 කාලයේ සිට අරලියගහ මන්දිරයේ කල ක්‍රියාදාමය අද ස්වාධීනව නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදුවන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ අද (25) උඩුනුවර මාණික්කාව ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි ශ්‍රී රේවත මහාවිද්‍යාලයට අමාත්‍යතුමාගේ විමධ්‍යගත මුදලින් තුර්ය වාදක කණ්ඩායමකට අවශ්‍ය සංගිත භාණ්ඩ බෙදාදිම සදහා පැවැති උත්සව අවස්ථාවෙදි මාධ්‍යවේදින් නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
රාජිත සේනාරත්න මහතා මේ දක්වා අත්අඩංගුවට ගැනිමට අදාළ අංශ ක්‍රියාත්මක වි නැත්තේ මන්දැයි අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදින් ඇසු පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,
නීතියට පිටුපා නීතියට සහාය නොදක්වා එසේ හැසිරෙන්නේ රටේ නීතිය ගැන කතා කරපු රටේ නීතිය ස්ථාපිත කලායි කියා මොරගහපු අය රටේ නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදි සහාය නොදක්වන බව තමන්ට කියන්නට ඇති බවත්ය. නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදි එයට සහාය නොදෙන බවත් ඔය ආයතන එදා ක්‍රියාත්මක වුයේ අරලියගහ මන්දිරයේදි බවත් අරලියගහ මන්දිරයේදි නම් සකස් කළ බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.
මෙහිදි මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ එදා අරලියගහ මන්දිරයේදි ක්‍රියාත්මක වු නීතිය අද එහෙම නැ. ඒකයි වෙනස. අනික රැ 12 ට උසාවිය ඇරල ගන්න ඒවා පෙරහුරුවක් දිල තියෙන්නෙ පසුගිය රජය. නමුත් අපි ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැ. අද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධින ආයතනයක් හැටියට රටම පිළිගන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා පාඨළිව අත්අඩංගුවට ගත්තම කැළැ නීතිය වල් වැදිච්ච නීතිය කියලා. චම්පිකව නිදහස් කරන කොට ස්වාධිනව ක්‍රියාකරන අධිකරණයට අපි හිස නමනවා කියලා. ඒ දෙබඩි කතාව එදත් කිව්ව අදත් කියන බවද අමාත්‍යවරයා පැවසීය.

popular news
-
Silva Wednesday, 25 December 2019 09:01 PM
මෙයට අවුරුද්ද වෙරදිල එහෙම අරලියගහ මන්දිරේ ඇහුවේ ශිරාණි බන්දරනයකලගේ නඩු . 2015 ඉඳන් තුබුණේ ස්වාදීන අදිකරණයක් එකනේ ඇතුලේ ඉන්න ඕන ගොඩක් ඇප පිට එළියේ හිටියේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

