2015 කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිසට කර්මය පටිසන් දෙනවා
2015 කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිසට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ හිටපු විගණකාධිපති ජනපති අපේක්ෂක ලෙස ගෙන ඒමට උත්සාහ කරන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (06දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි විශ්වාස කරනවා 2015 කුමන්ත්‍රණයට සම්බන්ධ අයට දිට්ඨ ධම්මවේදනීය කර්ම පටිසන් දෙන බව. ජේ.වී.පී. එක හිටපු විගණකාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා කරන්න උත්සන කරන්නේ යූ.එන්.පී. එකේ උවමනාවට. එදා 2015 දී කළදේම වෙනත් විදිහට ජේ.වී.පේ. එක අද කරන්න උත්සහ කරනවා. රතු අලි පැටව් මේ අවුරුදු හතරහමාරෙම කළේ මේකයි.
අද රටේ ජනතාව අපේක්ෂකයා මත ඡන්ද බෙදීමක් කිරීමට බලාපොරොත්තු නොවන බව මහජන මතය අනුව අපට පෙනෙනවා. අද ආණ්ඩු විරෝධි බලවේගයක් එක්තැන් කිරීමේ නායකත්වයක් අවශ්‍යයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ප්‍රධාන බලවේගය හැටියට නායකත්වය ලබා දෙන බැවින් සියලූම ආණ්ඩු විරෝධි බලවේගයන් ඒකරාශී වන ලෙස අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”.

popular news
-
sugath Tuesday, 06 August 2019 04:07 PM
ලක්ෂ්මන් යාපා කියන විදියට තමයි ජේ වී පි එක ක්‍රියාත්මක වෙන්න ඕන මෙයා චන්දෙන් පරාජය වෙලා ජනාධිපතිගේ පිහිටෙන් පාර්ලිමේන්තු ගිගින් ශ්‍රීලංකා එකෙන් මාරුවෙලා ආයෙත් ෆොට්ටුවේ එල්ලිලා ගෙදරයන ගමන් කියන කතා
Reply : 0 13
Kumar Tuesday, 06 August 2019 09:08 PM
ඔය කියන විධියට පව් පලදෙනව නම්, පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයින් වැඩිදෙනෙකුට හෙන හතමගහල ඉවරයි. පොලවයට අපායක නැතිබවත් අපි දන්නවනෙ එකනෙ බය නැතුව ඔය අකටයුතු කරන්නෙ.
Reply : 0 0
ටි ඉන්දික Tuesday, 06 August 2019 11:55 PM
ඇමති කෙනෙක් වෙලා හිටපු මේ මනුස්සයට සාමන්‍ය දේශපාලනය තේරෙන්නෙ.ත් නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

