2015 වසරේදී, ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, 2014 වසරේදී වාර්තා වූ 4.9% ක වර්ධනය හා සැසඳීමේදී 4.8% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව හෙවත්, 2015 වාර්ෂික වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කෙරෙන කෙරෙයි.
2015 වාර්ෂික වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වන සාම්ප්‍රදායික වෙළඳ පොළ වෙතින් ඇති ඉල්ලුමෙහි වර්ධනය මන්දගාමී වීම අපනයන අංශය මත බලපෑම් ඇති කරන ලද බවත්, එක්සත් ජනපදයෙහි ආර්ථිකය ශක්තිමත් වීම හේතුවෙන් කෙටිකාලීන ප්‍රාග්ධන ප්‍රවාහ පිටතට ගලා යෑම කඩිනම් වූ බවත්ය.
ජාත්‍යන්තර භාණ්ඩ මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වයෙහි බලපෑම තරමක දුරට සමනය වුවද, විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ආදායම් ඉහළ යෑම හේතුවෙන් දේශීය පරි˙භෝජනය යථා තත්ත්වයට පත් වූ බවද පෙන්වා දෙයි.