2015 දී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරික්කාලයි - පාඨලි
2015 ජනවාරි අටවනදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරික්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මහනුවර මහයියාව ක්‍රීඩාංගණයේ පැවැති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්රචාරක රැළිය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“2015 ජනවාරි අට වනදා පැවැති ජනාධිපතිවරණයේදී අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරික්කාලයි. රාජ්‍ය බලයට අයත්ව තියෙනවා ආණ්ඩු බලය, පළාත් සභා බලය, පළාත් පාලන ආයතන බලය ඒ වගේම ජනාධිපති බලය. අපට පළාත් සභාව තිබුණේ නෑ. අපට නගර සභාව තිබුණේ නෑ . එදා අපි අපේ ප්රජාතන්ත්රවාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ රාජ්‍ය බලයෙන් අරික්කාලක් තියාගෙනයි.
නමුත් මේ සැරේ 16 වනදා ඡන්දය තියෙනවා. 17 වනදා ප්‍රතිඵල නිකුත් වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා. ලබන මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. ඒ වගේම පළාත් සභා ඡන්ද තියන්නත් බැරි වෙලා තියෙනවා. අපි පත් කර ගන්නා පාර්ලිමේන්තුවේ පළමු කාර්ය ලෙස පළාත් සභා ක්‍රමය සම්මත කර ගෙන පළාත් සභා නවයේම මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන කොට මේ පළාත් සභා නවයේම ජය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබෙනවා.
ඉන්පස්සේ අවුරුදු පහකට ඡන්ද නෑ. එතැන් පටන් මේ රට නව සංවර්ධන මාවතකට ගෙන යනවා. අපි ප්රජාතන්ත්රවාදී වෙනස කරන ගමන් අපිට මේ රටේ සැලකිය යුතු වැඩපිළිවෙලක් දියත් කරන්න පුළුවන් වුණා. අරික්කාලක බලයෙන්. රජයේ සේවකයින්ට වැටුප් වැඩි කළා. විශ්‍රාම වැටුප සියයට පනහකින් වැඩි කළා. මම එදා ඛනිජ තෙල් ඇමතිවරයා හැටියට ඉතිහාසයේ පළමු වතාවට තෙල් මිල අඩු කළා. අදටත් භූමිතෙල් , පෙට්‍රල්, ඩීසල් මිල 2015 ට වඩා අඩුයි. අපි සමෘද්ධි සහනාධාරය වැඩි කළා. සමෘද්ධිය දෙන පිරිස වැඩි කළා” යැයිද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළේය.
මහනුවර - මෙහොමඩ් ආසික්

popular news
-
sanju Wednesday, 13 November 2019 12:31 PM
ඒකෙනුත් කෝටිගානක් වියදම් කරලා යකඩ මිනිහෙක් හැදුවේ
Reply : 0 0
Champa Wednesday, 13 November 2019 06:57 PM
අරික්කාලක් ලැබිල මෙහෙම විනාශයක් කළා නම් සම්පූරණයෙන් ලැබුන නම් රටම විකුණලා සිංහලයට මුහුදට පනින්න තම වෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

