ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා වැරදි පුටුවක වාඩිවී කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් සිදුකළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී එයට රහසිගතව වගන්ති ඇතුළත් කර තිබීමේ කටයුත්ත සිදුකරමින් තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දයාසිරි ජයසේකර සඳහන් කළේය.
සිදුකර තිබෙන අවුල හේතුවෙන් ව්‍යවස්ථා අර්බුදයක්ද නිර්මාණය වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
