19 ගෙනාවේ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කරන්නයි
රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් කිරිමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා ආ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (28දා) පස්වරුවේ මුල්කිරිගල, තංගල්ල හා බෙලිඅත්ත ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීමේ අවස්ථාවලට එක්වෙමිනි.
“ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සංශෝධනයෙනුයි ඒක වුණේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා.
අපි ඒක මුලදීම කිව්වා මේක ගෙනාවේ මහින්ද රජපක්ෂට නැවත ඉල්ලන්න බැරිවෙන්න. බැසිල්ටයි, ගෝඨාභයටයි ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිකම අතුළත් කළා. නාමල්ට ඉල්ලන්න බැරිවෙන්න වයස වැඩිකළා. පවුලක් අයින් කරන්න රටක ව්‍යවස්ථාව වෙනස්කරපු අවස්ථාවක් මේක.
රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඈත් කරන බව පෙන්වා ජනාධිපතිවරයාගේත් බලය අයින් කරලා. ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. මැතිවරණ තියන්න බැහැ. ජනාධිපතිවරයා නිකම්ම නිකන් මිනිසෙක් බවට පත්කරලා.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මේක කළේ. ඒකට ජනාධිපතිවරයා රැවටුණා. ඒක තුළින් ආණ්ඩුවටත් අද ප්‍රශ්නයක් ඔවුන්ට අවශ්‍යදේ කරන්න බැහැ. ආණ්ඩුවේ අන්තිම කාලේ මේ දැන් දඩි බිඩි ගාලා ව්‍යවස්ථාව වෙනස්කරන්න හදනවා.”

popular news
-
Migida Tuesday, 30 July 2019 01:37 AM
සම්පුර්ණයෙන්ම ඇත්ත. සධහටම පවුල් දේසපාලනය අතුගා දැමිය යුතුය .
Reply : 0 3
Sandakan Tuesday, 30 July 2019 07:00 AM
ලොකු අයියා චමල් වරක් ප්‍රකාශ කරලා තුබුන පුවත්පතකට රාජපක්ෂවරු රටේ පාලනය අඩුම තරමින් අවුරුදු 75 වත් කරන්න ඕන කියල. නමුත් ජනතාව ඒවාට කැමති නැහැ කියල ඔප්පුවුණා වගේම පවුල්වාදයෙන් ඇතිවෙන එකාධිපතිකම ජනතාව හොඳින් අත්දැක්කා. ඔබතුමා යුද්ධය නවතා කල මහඟු මෙහෙය පසු කාලීනව පවුල් දේශපාලනයෙන් වල දැමුණ හැටි ජනතාව කොහොමද අමතක කරන්නේ ?
Reply : 0 3
senalika Tuesday, 30 July 2019 12:00 PM
18 ගෙනාවේ රාජපක්ෂලාට සදාකල් බලයේ ඉන්නයි
Reply : 0 2
Deepal Nirosh Tuesday, 30 July 2019 02:26 PM
ආ... ඒ් නිසා වෙන්න ඇති 19ට පක්ෂව මුළු සන්ධානයම ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

